හොරු අල්ලන එකට, ව්‍යවස්ථාව හදන එකට පොල්ල දැම්මේ තක්කඩි ජනාධිපති සිරිසේන…රනිලුත් ඉන්නවා ගැණු ළමයා වගේ කටවහගෙන පුටුව නැති වෙයි කියලා…..

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පසුගිය රජය සමයේ දූෂණ වංචා වලට චෝදනා ලබා ඇති පුද්ගලයන් අත්තඩංගුවට ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් වළක්වන බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසනවා.

ඊයේ කොළඹ ගෑස් පහ හන්දියේ පැවති යහපාලනය සදහා වු ජාතික පෙරමුණේ අවසන් මැතිවරණ රැස්වීම ඔහු සඳහන් කර සිටියේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාර්යයට බාධා පමුණුවන්නේ ද ජනාධිපතිවරයා බවයි.

“2008 ඉදලා 2014 වෙනකම් ගත්ත සල්ලි මේ රට විනාශ කරන්න, යුද්ධයට ගෙනියන්න, සුළු ජාතියකයන්ට වෙනස්කම් කරන්න තමයි පාවිච්චි කෙරුවේ. ඒ ගොල්ලෝ කියනවා යුද්ධය භාග්‍යයක් කියලා. යුද්ධය අභාග්‍යක්. කාටද භාග්‍යයක් වුණේ. මෛත්‍රිපාලත් ඇතුලුව සියල්ලෝම කෑගහලා කෑගහලා අර හොර තක්කඩි අග්‍රවිනිශ්චකාරවරයා සරත් එන් සිල්වාත් අල්ලගෙන යුද්ධෙට ඇදගෙන ගියා රට. එක්ලක්ෂ පනස්දාහක් දෙමළ කතාකරන ජනතාව මැරුණා. ගෙවල් කුඩු වුණා. උතුරු නැගෙනහිර ශිෂ්ඨාචාරයම විනාශ කළා. තිස්දාහකට වැඩිය හමුදා භටයෝ මැරුණා. ලක්ෂයකට වැඩිය අතපය කැඩිච්ච අය ඉන්නවා. රණවිරුවෝ. අතපය නැති ගජබාහුලා, අතපය නැති විජයබාහුලා ඔක්කෝම. අනාථ වෙලා ඉන්නේ. මොකද්ද භාහ්‍යය ගෙනාපු යුද්ධෙන්. ඒ වගේ විනාශකාරි ගමනක් ගිය නායකයෙක් තමයි ඔය ඇවිල්ලා ඉන්න ජනාධිපති. ඉස්සල්ලා හිටපු එක්කෙනත් ඔහොම තමයි. ඒනිසා එයාගේ හොරකම වහන්න එයා හැම වෙලාවෙම බලාගෙන වැඩ කටයුතු කරන්නේ.”

“මම ජාතික විධායක සභාවේ ඉන්න කොටත් කිව්වා ගෝඨාභය අත්තඩංගුවට ගන්න ඕන කියලා. එයා තමයි ඒකටත් පොල්ල දැම්මේ. හැම වෙලාවේම අපරාධකරුවන් එළිදරව් වෙනකොට ඒවා හැම එකක්ම නවත්තන්න කියන තක්කඩියෙක් තමයි මේ ජනාධිපති. ව්‍යවස්ථාව හදන්න සාකච්ඡා කරලා තියනවා. ව්‍යවස්ථාව හදන්න මූලික සැළැස්ම ගෙනල්ලා තියනවා ඒ වුනාට ව්‍යවස්ථාව ඉදිරියට ගෙනියන්න තහංචිය දාලා තියෙන්නේමේ තක්කඩියාම තමයි. මෛත්‍රිපාල. රනිල් ඉන්නවා කට වහගෙන. වැඩිය කතා කෙරුවොත් මේ ටිකත් නැතිවෙයි. ඌ බයේ ඉන්නේ උගේ පුටුවත් නැතිවෙයි කියලා. ඒනිසා මේක හොදින් කරන්නඔඔ න යාළුවෙලා කරන්න ඕන. ඒ ගොල්ලෝ හරි ගෑණු ළමයි වගේනේ. අපි පොඩ්ඩක් හිමින් යාලු කරගමු ආයිත් සැරයක්. ඒකතමයි එයාලගේ ක්‍රමය. එතකොට ඔලුවත් ඉවරයි කදත් ඉවරයි, අර පල්ලෙහින් තියන කැල්ලත් ඉවරයි. තව ටික දවසක් යනකොට.” ඔහු පවසා සිටියා.