බෙදුම්වාදය පරාජය කරන්න, රට සුරපුරයක් කරන්න පුළුවන් අපිට විතරයි!

0

රට කෑලි කෑලි වලට කඩන්න හදන බෙදුම්වාදි අවශ්‍යතාව පරාජය කිරීමට ජාතික අවශ්‍යතාවයක් ඇති බවත් ඒ වෙනුවෙන් පෙබරවාරි 10 වෙනිදාට ඡන්දය භාවිතා කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හෝමාගම නගරයේදී පැවැත් වුණු පොදු ජන එක්සත් පෙරමුණේ අවසන් ජන රැළියට සහභාගී වෙමින් ඔහු මේ  බව සඳහන් කළා.

එහිදි අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා,

“අද රනිල් වික්‍රමසිංහ මහත්තයා මං අහගෙන හිටියා කියනවා, මේ රටේ ජනතාවට තිබෙන ලොකුම ප්‍රශ්නය වයි ෆයි නොමිළෙ නොලැබීම කියලා. දැන් වයි ෆයි දුන්නාම බඩගින්න හරි යනවා. එතකොට එතුමා කියනවා, තරුණ නෝනලා, තරුණ කොල්ලෝ කෙල්ලෝ ලව් කරයිලු. එක අම්මා කෙනෙක් ඉඳන් කියනවා මම දැක්කා රූපවාහිනියේ මූට පිස්සුද කියලා. මෙහෙමම කියනවා අත දික් කරලා. ඒක දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයා. දැකලා කියනවා වැඩිහිටියෝ වැඩිය කැමති නෑ වගේලු. එතුමාට ඒක තේරිච්ච එක ලොකු දෙයක්. ”

“අද කුරුණෑගල ආසනේක ළමයෙක් කෝවක්කා ගෙඩි කාලා මැරිලා. මළ කඳ මෝචරියට ගිහින් දැම්මාම නහය කාලා මීයෝ. බලන්න මේ රටට ගිය කලක්. කුණු ගොඩවල් ගොඩ ගැහුණා. ගම ගඳ ගැහුවා. ඩෙංගු හැදිලා 1500කට වඩා ලෙඩ්ඩු මැරුණා. ඉතිහාසයේ පළවෙනි වතාවට ඉස්පිරිතාලෙකට ගියාම ආපහු හරවලා එව්වා, ඉස්පිරිතාලේ ඉඩ නෑ කියලා. ”

“මං අහගෙන කියනවා, මං කොළඹ නගරය හැදුවා මුහුද ගොඩ කරලා අක්කර 600ගාණක්. දැන් මේක හදපු හින්දා කැබිනට් එකට වෙලා ඉද්ද්දී පොළොව දෙදරනවලු. කැබිනට් එකේ ඉඳන් කරන වැඩ වලට පොළොව නොදෙර ඉදීද? කියන බොරුවලට අවීචි මහා නරකාදියට ඇදගෙන යන්නේ. අවුරුදු 3කදි යුද්ධය අවසන් කරලා රට සංවර්ධනය කළා නම්, අපිට නැවත දුන්නොත් මේ රට නැවත සුරපුරයක් කරන වැඩපිළිවෙළ අපි ගෙනියනවා. එහෙමනම් අපිට කියන්න වෙලා තියෙනවා මේ රට කෑලි වලට කඩන එකට විරුද්ධව තමුන්නාන්සේලා ඡන්දය පාවිච්චි කරන්න නෙළුම් පොහොට්ටුවට. ඒක ජාතික අවශ්‍යතාවයක්.”

Mahinda Rajapaksa