මැතිවරණ ප්‍රතිඵලය, මහින්ද රාජපක්ෂ ලැබූ ජයග්‍රහණයට වඩා හවුල් ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට විරෝධය පල කිරීමක්

2

මැතිවරණයේ ප්‍රතිඵල වලින් පෙනි යන්නේ මහින්ද රාජපක්ෂ ලැබූ ජයග්‍රහණයට වඩා ඉස්මතු වන්නේ හවුල් ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට ජනතාව පෙන්වූ විරෝධය බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ සඳහන් කරනවා.

අද (11) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

“මැතිවරණයේ ප්‍රතිඵල සම්පූර්ණෙයන් නිකුත් කර නැති නමුත් දැනට තිබන තොරතුරු අනුව ඒ් සම්බන්ධ අදහසක් ප්‍රකාශ කරන්න හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සමස්තයක් ලෙස වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිවී තිෙබනවා. ඒ් සමගම ඒක්සත් ජාතික පක්ෂය මහ නගර සභා සහ නගර සභා සුලු ප්‍රමාණයක වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන  තිබෙනවා. ඒ වුණත් ඒම පළාත්පාලන අායතනවල බලය හිමි කරගන්නේ කවුද කියලා අවසාන වශයෙන් පැහැදිලි නැති තත්වයක් තිෙබනවා. මේ කතා කරන අවස්ථාව වනවිට නිකුත්ව අැති ඡන්ද ප්‍රතිඵල අනුව ඉතාම පැහැදිලියි 42%ක පමණ ප්‍රතිශතයක් ශ්‍රී ලංකා ෙපාදුජන ෙපරමුණට හිමිව තිබෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නායකත්වය දෙන කන්ඩායම වැඩි ඡන්ද ලබාෙගන ඉදිරියට අැවිත් තිබෙන බව පැහැදිලිය.”

“අපි දන්නවා 2015 පැවැති ජනාධිපතිවරණයෙන් සහ මහමැතිවරණවලදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය ප්‍රතික්ෂේප කරලා ජනතාව ඡන්දය ප්‍රකාහ කරලා රනිල්-ෙමෙත්‍රී හවුල් පාලනයට බලය ලබා දුන්නා. මේ වනවිට නැවතත් ෙම් හවුල් අාණ්ඩුව ප්‍රතික්ෂේප කරලා මහින්ද රාජපක්ෂ කැදවා ගන්න ප්‍රතිඵලයක් පෙන්නුම් කරමින් තිබෙනවා. මේක ඉතාම බරපතළ ලෙස සැළකිල්ලට ගත යුතු තත්වයක් ෙලස අපි දකිනවා. 2015 වනවිට මහින්ද රාජපක්ෂ පාලනය තදින්ම ප්‍රතික්ෂේප කරපු ජනතාවක් තමයි වර්තමාන අාණ්ඩුව බලයට පත් කරන්න ඡන්දය ප්‍රකාශ කළේ. ඒ් ප්‍රතික්ෂේප කරපු මහින්ද රාජපක්ෂ පාලනය කාලයේ ඒම අාණ්ඩුවට ඒරෙහිව අරගල ගණනාවක් පැන නැගුණා. ඔබ දන්නවා, තරුණයන් තුන්දෙනෙක් වෙඩි තබා මරා දැමූ රතුපස්වල ජනතාවෙග් අරගලය, රොෂේන් චානක කම්කරු සහෝදරයා වෙඩි තබා මරා දැමූ කටුනායක නිදහස් වෙළෙදකලාප පෞද්ගලික අංශ කම්කරුවන්ගෙ අරගලය, හලාවත අැන්තනි ධිවර සහෝදරයා වෙඩි තබා මරා දැමුව ධිවර ජනතාවගේ අරගලය සහ ජානක සහ සිසිත කියන ශිෂ්‍යයන් මරාදැමුණු අධ්‍යාපන අයිතින් අාරක්ෂා කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන ගිය අරගලය රාජපක්ෂ අාණ්ඩුව විසින් දරුනු ෙලස මර්දනය කර දැමුවා. ෙම් විදියෙ අරගල ගනනාවක් තිබුණා.”

“ඒ් අරගල සියල්ලම රාජපක්ෂ අාණ්ඩුවේ අාර්ථික ප්‍රතිපත්තිය හා බැදුණ ඒ්ක ප්‍රතික්ෂේප කළ ජනතා නැගිටීම්. නමුත් 2015 ජනාධිපතිවරණයෙදිවත් මහමැතිවරණයෙදිවත් ඒ් ජනතා විරෝධය නියෝජනය වුණේ නෑ. රතුපස්වල ජනතාව විසින් මතුකළ මේ ඊනියා සංවර්ධනයෙන් ගෙන ඒන පරිසර විනාශය ගැනවත් ශිෂ්‍ය අරගලයෙදි මතුකළ අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීම ගැනවත් කටුනායක අරගලයෙදි මතුකළ කම්කරු අයිතිවාසිකම් කප්පාදු කිරීම හෝ ධිවර ජනතාව විසින් ප්‍රශ්න කළ නිෂ්පාදන අාර්ථිකයේ වටිනාකම් අහොසිකරන නව ලිබරල් ප්‍රතිසංස්කරණ ගැනවත් ඒ් මැතිවරණවලදි සාකච්ඡා වුණේ නෑ. ඒ් වෙනුවට ඉදිරියට ගෙන අාවෙ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ අාධිපත්‍ය වගේ සටන් පාඨ. ප්‍රජාතන්ත්‍රවාදය කියලා ෙගන අාවෙත් රටේ සාමාන්‍ය ජනතාවට තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමේ ප්‍රශ්නය නෙවෙයි. අතුරුදන්වූවන් සහ දේශපාලන ඝාතනවලින් පීඩාවට පත් වූවන්ට යුක්තිය ඉටු කිරීම වගේ ප්‍රශ්න නම් නෙවෙයි. ඒ් වෙනුවට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පමනක් ප්‍රජාතන්ත්‍රවාදය ලෙස ඉදිරියට ගෙන ඒනු ලැබුවා. ජනතාවගේ අභිලාෂයන් මංකොල්ල කාලා බලයට පත් වෙන්න පාර කපා ගත්තා.”

“දැන් වසර තුනකට පස්සෙ අාණ්ඩුවේ ප්‍රගතිය බැලුවම නවලිබරල් අාර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාම හරහා අැත්ත ජනතා ප්‍රශ්න ඒකකටවත් විසදුම් ලැබිලා නෑ. ඒ් ප්‍රශ්න තවදුරටත් උග්‍ර වෙමින් තිබෙනවා. ඒ අයම කිව්ව ප්‍රශ්න පවා විසදුම් නැතිව තවමත් පවතිනවා. ජනතා අභිලාෂයන් පාවාදීම නිසා විශාල අපේක්ෂාභංගත්වයක් ජනතාව අතර පවතිනවා. මහින්ද රාජපක්ෂ පාලනය යටතේ පවා ජනතාව අරගල කළ හේතු තවමත් පවතිනවා. හාල් සීයයි ෙපාල් සීයයි කියන අාර්ථිකයේ ගැටලු තවදුරටත් උග්‍ර වෙමින් තිබෙනවා. විශාල වශයෙන් බදුබර පටවලා ජනතාව මහා පීඩාවක ගොදුරු බවට පත්කර තිබෙනවා. රජයේ සේවකයගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම, පෞද්ගලික අංශයේ පැය 8 වැඩ දිනයෙ ප්්‍රහ්නය, අධයාපනය පෞද්ගලිකකරණය, වරාය. ෙතල් ටැංකි  වැනි පොදු දේපළ විකුණා දැමීම, ගුවන් සේවය, රාජ්‍ය බැංකු පෞද්ගලිකකරනය වැනි බරපතල ප්‍රශ්න තවමත් තිබෙනවා. ඒ් නිසා අප හිතනවා ෙම් මැතිවරණ ප්‍රතිපලය තුළ ඒ් සම්බන්ධව ජනතා විරෝධය ප්‍රකාහ වෙනවා.”

“දැන් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ගත්තම පසුගිය කාලෙ වැඩවර්ජනවලට මැදිහත් වුනු විදිය, ශිෂ්‍ය විරෝධතාවලට මැදිහත් වූ කෘර මර්දනකාරිත්වය, අධිකරණ නියේග අරගෙන ජනතාවගේ සාධාරණ විරෝධතා යටපත් කරන්න උත්සාහ කිරීම ෙම් හැම ඒකක්ම මේ ඡන්ද ප්‍රතිඵලයෙ නිරූපණය වෙනවා. මැතිවරණ ප්‍රතිපලයෙන් ප්‍රකාශයට පත් වෙන්නෙ සරල අාණ්ඩු විරෝධයක් ෙලස වෙන්න පුලුවන්. නමුත් ඒ් අාණ්ඩු විරෝධය අැතුළෙ පවතින අැත්ත හෙත්ු කාරනා හදුනාගන්න වෙන්නෙ ඒහෙමයි. මහින්ද රාජපක්ෂ අැතුලු ෙපාහොට්ටුවේ යව උදම් අැනුවට ඒ් අයට විශාල ජයග්‍රහණයක් තිබෙනවා කිව්වට මේක ඒ් අයගෙ සමත්කම නෙවෙයි, ෙම්ක අාණ්ඩුවේ අසමත්කම නිරූපනය වීමක්. මේ අාණ්ඩුව විසින් පිළිුරු දෙන්න අසමත් වූ ප්‍රශ්න ඒකකටවත් ප්‍රතිපත්තිමය විසදුම් දෙන්න ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමත් නෑ. මහින්ද රාජපක්ෂ පාලනය යටතේ පවා විසදුම් දෙන්න බැරිව ජනතා විරෝධය නිසා ගෙදර යන්න වුණ ඒ් අැත්ත ප්‍රශ්නවලට දැනි ඔය ජයග්‍රහණය කළා කියන අයටත් උත්තර නෑ. ජනතාව විසින් මේ ඡන්දය දිමෙන් ප්‍රකාශයට පත් කර තියෙන්නෙ මහින්ද රාජපක්ෂට අැති ප්‍රසාදයක් නෙවෙයි, අාණ්ඩුවේ ක්‍රියාදාමය සම්බන්ධ විරෝධයයි. ඒ් නිසා මහින්ද රාජපක්ෂ හෝ වෙන කවුරුහරි හිතනවා නම් මේ ෙහාරකම්වලට ලයිසන් දිමක්, මිනිමැරුම්වලට ලයිසන් දිමක් කියලා, ඒ්ක ලොකු වැරදිමක්. ජාතිවාදය වැපිරවිමට හෝ අන්තවාදයට ලයිසන් දිමක් කියලා හිතනවා නම් ඒ් වැරදිමක්. මේ පැහැදිලිවම අාණ්ඩුවට විරෝධය පළ කිරීමක් ලෙසයි හදුනාගන්න වෙන්නෙ. විකල්පයක් නැතිකම විසින් ජනතාව කළ විරෝධය ප්‍රකාශ කිරීමක්. දැන් උතුෙර් ජනතාව විසින් දෙමල ජාතික සන්ධානයට වගේම සමහර රැඩිකල් ජාතිකවාදී මත දරණ කොටස්වලට පළාත්පාලන අායතන බලය ලබා දී තිබෙනවා.”

“දැන් මේ දේශපාලන තන්ත්‍රය විසින් ජනතාව හමුවේ මහා ප්‍රශ්න ගොඩක් අැතිකරලා ඒ්වට උත්තර ෙලස ඡන්දය දෙන්න පිරිසක් නම් කර තිබෙනවා. ජනතාව විසින් තමන්ගෙ උත්තර ලකුනු කරනවා ෙවනුවට මේ දේශපාලනය විසින් දී අැති උත්තර වලින් විකල්පයක් තොරාගන්න ජනතාවට සිදු වෙලා. ඒ් නිසා ජනතාව තමන්ගෙ උථ්තර ෙහායාගන්න දවසක විතරයි මේ අැත්ත ප්‍රශ්නවලට අැත්ත විසදුම් හොයාගන්න වෙන්නෙ. අාණ්ඩුවට අපි කියනවා දැන් මේ චන්ද ප්‍රතිපලයෙන් පස්සෙ හරි හිතන්න රජෙය් සේවකයන්ට විශ්‍රාම වැටුප් අහිමි කිරීම නතර කරන්න. සාප්පු සේවක පනත සංහෝධනය ගැන දැන් හරි හිතලා සේවකයන්ගෙ අයිතිවාසිකම් අාරක්ෂා කරන්න තවමත් අාණ්ඩුවට පුලුවන්. කවුරු විරුද්ධ වුණත් අපි කරනාව කියලා හිෂ්‍යයන් අාචාර්යවරුන් මව්පියන් විරුද්ද වෙද්දි සයිටම් අායතනය රකින අධ්‍යාපනය විකුණන ඒක ගැන අාපහු හිතන්න වෙනවා. ෙගාවියාගෙ පොහොර සහනාධාරය කපන ඒක ගැන, ඉඩම් ෙකාල්ල කෑම, බීජ පනත්, වාරි මාර්ග හා ජල කලමනාකරනය අැතුලු අයිතිවාසිකම් අහොසි කිරීම ගැන නැවත හිතන්න මේ ඡන්ද ප්‍රතිඵලයම ප්‍රමාණවත්.”

“ඒ් වගේම වාමා දේශපාලනය තුළ අපටත් නැවත හිතා බලන්න, අපේ දේශපාලන ක්‍රියාදාමය තවදුරටත් ශක්තිමත් කරන්න සංඤාවක් ලැබි තිබෙනවා. මේ සමාජයේ අඩුපාඩු කලමනාකරනය කරන දේශපාලනය වෙනුවට ඒ් සම්බන්ධ විසදුම් හොයන්න ජනතාව සබුද්ධික කිරිමේ දේශපාලනය අවශ්‍ය වී තිබෙනවා. අවුරුදු 70ක් වහලුන් ලෙස ශික්ෂනය කළ ජන සමූහයක් මැතිවරනයකදි ඒක් වහල් හිමියකු වෙනුවට තවත් වහල් හිමියකු තමයි ෙතා්රාගන්නෙ. ඒ් නිසා මෙතන ප්‍රශ්නය වෙන්නෙ වහල් මානසිකත්වය අැති ඒ් ජනයා නිදහස් ජනසමාජයක් බවට පත්කරන අාකාරය ගැනයි. ඒ් ක්‍රියාවලිය සදහා ෙපරටුගාමි සමාජවාදි පක්ෂය සම්පූර්ණයෙන් පක්ෂපාති වෙන බවත් සියලුම වාමාංහිකයන් හා ප්‍රගතිශීලින් සමග ඒක්ව ක්‍රියාත්මක වෙන්න සූදානම් බවත් ප්‍රකාශ කරන් කැමතියි. අපි අාරාධනා කරනවා ඒ් සියලු ප්‍රගතිශීලින්ට, ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන අයට ඒ් න්‍යාපෘතිය සමග ඒකතු ෙවන්න කියලා . නැතිනම් හැමදාම ජනතාව වැරදි තේරීමක් කළා කියන මැසිවිල්ල කරනවාට වඩා ෙම්ක ජනතාවට තොරාගන්න විකල්පයක් නැති ප්‍රශ්නය තියෙන්නෙ. මේ ප්‍රතිඵලය බැරෑරුම් ෙලස ගන්න, ඒ් තත්වය වෙනස්කරන්න මැදිහත් වෙන්න කියලා අපි අාරාධනා කරනවා.”

2 COMMENTS

  1. Can I simply say what a relief to uncover an individual who actually understands

    what they’re talking about over the internet. You actually

    understand how to bring an issue to light and make it important.

    More and more people must check this out and understand this side of the story.

    It’s surprising you aren’t more popular because you certainly have the gift.

  2. chicas contactos valencia chico busca chica teatro lima contactos mujeres almansa contactos mujeres valencia chica busca chico en gijon chico busca chico chincha

    buscando chicas para sexo mujeres que buscan amigos con derechos

    paginas de anuncios de sexo conocer personas en palma de

    mallorca mil anuncios chicas tenerife conocer gente en internet gratis busco chico joven web

    para conocer gente en londres milanuncios contacto mujeres

    murcia chico busca chico junin anuncios sexo barcelona conocer gente internet anuncios sexo gay

    busco chica para relacion guatemala milanuncios contactos mujeres gijon chica busca a chico panama chica

    busca sexo zaragoza mujeres solteras en new york contactos mujeres chinas numeros de mujeres solteras de honduras contactos con mujeres en tarragona mujeres madrid contactos mujer busca

    chico madrid buscar chica para trio chicas busco chicos contactos mujeres bcn contactos

    en lucena con mujeres contactos toledo mujeres busco mujeres solteras busco chico para viajar por el mundo conoce gente contactos con mujeres para follar conocer gente sin pagar chica busco chico los olivos contactos de chicas con whatsapp contactos mujeres en cadiz

    busco chicas desnudas buscar chicas en instagram chico busca chico toledo

    mujeres solteras lima peru mil anuncios mujeres madrid

    chicas buscan dinero encuentros sexuales en madrid chico busca chico almeria contactos con mujeres en leon

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here