අනවසර විදේශික සරණාගතයින් පිටුවහල් නොකළ ද දඬුවම් කරනවා

0

ඕස්ට්‍රේලියාවට බෝට්ටුවලින් අනවසරයෙන් ආ විදේශික සරණාගතයින් තම රටට නීති විරෝධීව පැමිණීම අනුමත නොකරන නමුත් ඔවුන් පැමිණි මුල් රට වෙත පෙරළා පිටත්කර නොහරින බවත් ඔවුන් රඳවා තබාගෙන ඔවුන්ට නීතියෙන් දඬුවම් ලබා දෙන බවත් පැපුවා නිවිගිනියා රජය පවසයි.

2002 වසරේදී ඔස්ට්‍රේලියාව සිය රටට එන සරණාගතයන් සඳහාම වෙන් කළ මැනුස් සහ නාවුරු දූපත් සරණාගත කඳවුරු දෙකෙන් මනුස් දූපත් කඳවුරේ මෙම සරණාගතයින් රඳවා සිටී. මෙම සරණාගතයින් අමතා පැපුවා නිව්ගිනියා බලධාරින් විසින් ගිය සතියේ යැවූ ලිපියක සඳහන් වූයේ ඔවුන් පෙරළා තම මුල් රට වෙත යැවීමේ කටයුතු අරඹා ඇති බවත් එහිදී රටින් පිටුවහල් කිරීමේදී පැන නැඟිය හැකි අවදානම ඔවුන් විසින් තක්සේරු කරමින් සිටින බවත්ය. අතරමඟදී මෙම සරණාගතයින්ට කෲර වද බන්ධන, දඬුවම් හෝ අවමන් සහගත සැලකීම්වලට ලක්වීමේ ඉඩකඩ ඇහිරීම මෙම තක්සේරුවේ අරමුණු බවත් මෙම බලධාරින් සඳහන් කර තිබේ.

මනුස් දිවයිනේ සරණාගත කඳවුර නීතිවිරෝධී බවට තීරණය වීමෙන් පසුව ලොරොන්ගාවෝ නගරයේ අලුතින් තැනූ කඳවුරක මෙම සරණාගතයින් රඳවා සිටී. පැපුවා නිව්ගිනියාවේ සරණාගත කඳවුරුවල රඳවාගෙන සිටි සරණාගතයින් 1,250 දෙනෙක් එක්සත් ජනපදය වෙත යැවීම සඳහා ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය අතර 2016දී ගිවිසුමක් අත්සන් තැබිණි. අද දක්වා ඒ අතුරෙන් මෙතෙක් එක්සත් ජනපදය වෙත යවා ඇත්තේ 110 දෙනෙකු පමණි. එම ගිවිසුම “පිස්සු ගිවිසුමක්” යැයි නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

මනුස් සහ නාවුරු කඳවුරුවල ගාල් කර සිටින මෙම සරණාගතයින්ගෙන් බහුතරය, ඇෆ්ඝනිස්ථානය, සිරියාව, සෝමාලියාව, පාකිස්තානය සහ සුඩානය වැනි වාර්ගික යුද පසුබිමක් පවතින රටවලින් බේරී පැන ආ අයයි. ශ්‍රී ලංකාවේ මෙන්ම මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් එරටින් පන්නා දැමීම නිසා පලා ආ අයත් මෑතකදී මීට එක්වූ සරණාගතයින් අතර වේ.

ඉකුත් වසරේ නොවැම්බර් 26 වැනි දා දහස් සංඛ්‍යාත ඕස්ට්‍රේලියානු මානව හිමිකම් ක්‍රියාධාරිහු විසින් වික්ටෝරියා පොලිස් මූලස්ථානය ඉදිරිපිට සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් පවත්වා මොවුන්ට මානුෂිකව සලකන ලෙස ඕස්ට්‍රේලියා රජයට බල කර සිටියහ. ඔස්ට්‍රේලියාව බාර දුන් සරණාගතයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම හා ඔවුන් රැක බලාගැනීම පැපුවා නිව්ගිනියා ආණ්ඩුවේ වගකීමක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් රාද් අල්හුසෛන් කුමරු ද කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here