ගෞරවයයක් තිබේනම් රනිල් ඉල්ලා අස්විය යුතුයි!

0

ඉදිරියේදි භාරකාර ආණ්ඩුවක් පිහිටුවා එහි නායකයා ලෙස චමල් රාජපක්ෂ පත් කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර පවසා සිටිනවා.

රටේ දේශපාලන ගමනේ අනාගතය ගැන මාධ්‍ය සාකච්ඡාවකදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය රනිල් වික්‍රමසිංහගේ හිතුවක්කාරි ගමනත්, යූ එන් පී හවුල් ආණ්ඩුවේ පරගැති දක්ෂිණාංශික ප්‍රතිපත්තියත් සුන්නද්දූලි කර ඇති බව කිව යුතුයි. සිදු විය යුත්තේ රනිල්ගේ ආණ්ඩුව විස්ථාපනය කිරීමට යූ එන් පී නොවන සියළු බලවේගයන් පාර්ලිමේන්තුව තුළ එක්සත් වීමයි. රනිල්ගේ ආණ්ඩුව විසුරුවා හැර හෝ ඔහුට ඉල්ලා අස්වීමට සිදුකර භාරකාර ආණ්ඩුවක් පත් කරමින් ටී එන් ඒ සමග වහාම සාකච්ඡා කොට භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතුයි. පොදු පෙරමුණ මේ අවස්ථාවේදි රජයක් පිහිටුවනවාට වඩා නිදහස් හා සාධාරණ මැතිවරණයක් ජයගෙන ආණ්ඩුවක් පිහිටුවීමට සිතිය යුතුයි. එතෙක් භාරකාර ආණ්ඩුවකින් නායකත්වය දිය යුතු සුදුසුම පුද්ගලයා චමල් රාජපක්ෂ මහතා බව අපේ විශ්වාසයයි. මේ පවතින තත්ත්වය තුළ ඉල්ලා අස්වීමට තරම් ගෞරවයක් රනිල් වික්‍රමසිංහ මහතාට ඉතිරි වී තිබිය යුතුයි. පලමුව කළ යුත්තේ මේ ආණ්ඩුව විස්ථාපනය කිරීමයි. එයට එකග සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කිරීමට අපි සූදානම්,” මන්ත්‍රිවරයා මෙහිදි පවසා සිටියා.

Vasudeva Nanayakkara