මැතිවරණ තීරණය නිහඩ විප්ලවයක්……රනිල්-මෛත්‍රීට තවදුරටත් මේ අවජාතක රජය කරන්න අයිතියක් නෑ!

0

යහපාලන ජාතික රජය තවදුරටත් පවත්වාගෙන යාමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර පවසනවා.

රාජගිරිය පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී ජාතික සංවිධාන එකමුතුව අද (13) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිපල මගින් වත්මන් ආණ්ඩුව ඉවත්ව ගෙදර යා යුතුය යන පණිවුඩය මහජනතාව ලබා දී ඇති බැවින් ආණ්ඩුව එම ජන මතයට ගරු කළ යුතු බවයි.

“මේ පළාත් පාළන මැතිවරණයේ ජයග‍්‍රහනය අපි දකින්නේ දේශපාලන ජයග්‍රහණයකට වඩා බහුතර මහජනයා කරන ලද නිහඩ විප්ලවයක් විදියටයි.”

“1956 සිදුවූ විප්ලවයටත් වඩා විශාල ප‍්‍රමාණයෙන් සිදුවු මහජන විප්ලවයක් විදියටයි අපි මෙය දකින්නේ. ඒ නිසා මෙහි ගෞරවය සම්පූර්නයෙන්ම හිමිවිය යුත්තේ මේ රටේ බහුතර ජනතාවටයි. මේ ජයග‍්‍රහනයෙන් ජනතාව හොද පණිවුඩයක් දීලා තියෙනවා. මේ දැන් තියෙන රජය මුල ඉඳලම අවජාතක රජයක්. විජාතික කුමන්ත‍්‍රණකාරයින් බලයට ගෙන එන ලද මේ රටේ ජනතාව රවටලා ලබාගත් රජයක් මේක.”

“මේ රජය පත්වුන දවසේ ඉදලා කටයුතු කලේ ව්‍යවස්ථා විරෝධී විදියටයි. කොහොමද අගමැති පත්කලේ කොහොමද හිටපු අගවිනිසුරු අයින් කලේ පරාද වෙච්ච මන්ත‍්‍රිවරුන් අරගෙන ඇමතිකම් දීලා ව්‍යවස්ථා විරෝධී විදියට මේ රජය කටයුතු කළා. අවසානයේ මහජනතාව නියම තීන්දුවක් ලබා දීලා තියෙනවා.”

“මේ රජය තව කී දවසක් තියෙයිද දන්නේ නැහැ. 2020 වෙනකම් නීත්‍යානුකූලව තියෙනන් ඉඩ තියෙනවා ඊට ඉස්සෙල්ලා කඩා වැටෙන්න පුලූවන්. ඒ කෙසේ වෙතත් ඊලඟට ඇතිවන රජය සිදුකළ යුතු කටයුතු මොනවද කියලා අවබෝධ කරගෙන කටයුතු කිරීමට මහින්ද රාජපක්ෂත් රටේ ජනතාවත් සූදානම් විය යුතුයි යැයිද ඔහු පැවසීය.” ඔහු සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here