එජාප නායකත්වයේ වෙනසක් නෑ….ආණ්ඩුව දිගටම….

0

එක්සත් ජාතික පක්ෂය ඉදිරියටත් ආණ්ඩුව අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවත් ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන ඕනෑම පක්ෂයක් එක් කර ගැනීමට සුදානම් බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම සඳහන් කරනවා.

පවතින දේශපාලන තත්ත්වය හා ජාතික ආණ්ඩුවේ ඉදිරි පියවර පිළිබඳව අප කළ විමසීමකදි ඒ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

 

මෙවර පැවැති පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ලබාදී ඇත්තේ පළාත් පාලන මැතිවරණයක් සඳහා පමණක් ලබාදුන් ඡන්දයක් බව සඳහන් කළ අමාත්‍යවරයා මෙම ජනවරම හරහා වත්මන් ආණ්ඩුවෙන් අඩුපාඩුවක් වී ඇත්නම් එය නිවැරදි කරගැනීම සඳහා අවස්ථාවක් ජනතාව ලබා දී ඇති බවත් එහි උපරිම ප්‍රයෝජන ගැනීමට සූදානම් බවත් සඳහන් කළා.

ඒ සඳහා තවත් වසර 3 කට ආසන්න කාලයක් තවත් ඉතිරිව තිබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයට පෙර ප්‍රකාශ කර සිටියේ මෙම පළාත් පාලන මැතිවරණය ජනමත විචාරණයක් ලෙස සලකන බවත් නමුත් ඔවුන් මෙම මැතිවරණයෙන් ලබාගෙන ඇත්තේ 44%ක ප්‍රතිශතයක් පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් කිරීම අවශ්‍ය නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

Malik Samarawickrama

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here