UNP තනි ආණ්ඩුවක් ඕනෑ……එජාප පසුපෙළ මන්ත්‍රිවරුන්ගෙන් අගමැතිට ඉල්ලීමක්!

0

පසුගිය අවුරුදු කිහිපය තුළදි රට ආපස්සට ගියා නම් එය සිදු වූයේ ජාතික ආණ්ඩුව නීසා බව එක්සත් ජාතික පසුපෙළ මන්ත්‍රිවරුන් කණ්ඩායම පවසා සිටිනවා.

අද (13) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රි කණ්ඩායම මේ බව සඳහන් කර සිටියා.

එහිදි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසා සිටියේ එහිදි එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් හදන්න තීරණය කර බවයි. එසේම පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදු වීමට ප්‍රථමව ආණ්ඩුවව තනිව පිහිටුවිය යුතු බවයි ඔහු සඳහන් කර සිටියේ.

“මේ ආණ්ඩුව භාර ගන්න මහින්ද රාජපක්ෂ මහත්තයා සූදානම්  නෑ කියලා කියනවා. අපිට රට අස්ථාවර දෙන්න බෑ. එහෙනම් අපි එක්සත් ජාතික පක්ෂය විදියට සූදානම් ආණ්ඩුව අරගෙන රට ස්ථාවර කරන්න. ඒනිසා ඉස්සල්ලා මේ ආණ්ඩුව හදන්න ඕන. පසුගිය අවුරුදු දෙක තුළ රට ආපස්සට ගියා නම් ගියේ මේ යහපාලන ජාතික ආණ්ඩු කෙහෙල්මල නිසා.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

එහිදි මාධ්‍යවේදීන් විමසා සිටියේ තනි ආණ්ඩුවකට එනවා නම් අගමැතිධූරයේ වෙනසක් සිදු විය යුතු බවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් දමා ඇති කොන්දේසිය පිළිබඳවවයි. එයට පිළිතුරු දුන් මන්ත්‍රිවරුන් පිරිස.

“එයාලට එහෙම තීරණය කරන්න බෑ අපේ දේවල්. මේ ඡන්දය එක්සත් ජාතික පක්ෂය පරාජය වුණා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අන්ත පරාජය වුණා. ඒනිසා එයාලට බෑ UNP එකේ තීන්දු තීරණ ගන්න.

“පක්ෂ නායකත්වයේවත් අගමැතිතුමාගේ වෙනසක්වත් නෙමෙයි අපිට ඕන එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක්. මේ විදියට යන්න බෑ. තුනෙන් දෙක පිළිබඳව ගැටළුවක් නෑ. හැබැයි බහුතරය ගැන ගැටළුවක් නෑ.” හර්ෂණ රාජකරුණා මන්ත්‍රිවරයා පවසා සිටියා.