UNP ආණ්ඩු හදන්න ආරාධනා කළේ නෑ…..අපේ ප්‍රශ්න වලට විසදුම් දෙනවා නම් විපක්ෂයේ ඉදලා සහයෝගය දෙනවා

0

දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන්නේ නම් ආණ්ඩුවට එකතු නොවි එයට සහය පළ කිරීමට සුදානම් බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම් ඒ සුමන්තිරන් පවසනවා.

එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට දෙමළ සන්ධානයට ආරාධනා කළ බවට වන මාධ්‍ය වාර්තා පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

“එක්සත් ජාතික පක්ෂයේන් දෙමළ සන්ධානයට කිසිම ආරාධනාවක් කරලා නෑ. එහෙම ආරාධනාවක් ආවත් දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට නිසි පිළිතුරු ලැබෙන තුරු ආණ්ඩුවකට එකතු වෙන්නේ නෑ. ඒක මීට ඉස්සල්ලා කියලා තියනවා. ඒකේ කිසි වෙනසක් නෑ. ඒක නිසා අපි ආණ්ඩුවක් එක්ක එකතු වෙන්නේ නෑ. යම් ආණ්ඩුවක් පිහිටුවලා දෙමළ ජනතාවගේ ගැටළු වලට විසදුම් දෙන්න සුදානම් නම් අපි විපක්ෂයේ ඉදලා සහය දෙන්න ලෑස්තියි.”මන්ත්‍රිවරයා පවසා සිටියා.

M. A. Sumanthiran

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here