දැන්වත් රටට වැඩක් කරන්න…..බැරි නම් මහ මැතිවරණයකට යන්න….!

0

ආණ්ඩුව කිසිවිටක ජනතාවගේ මතය පිළිනොගන්නා බවත් ඔවුන් බලයෙන් මත්වී කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඊයේ (12) බෙල්ලන්විල විහාරයේ දි ආශීර්වාද පිංකමකට සහභාගි වී පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් හමුවේ හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.

එහිදි ධම්මරතන හිමියන් පවසා සිටියේ 2020 වෙනතෙක් සිටින බවට ප්‍රකාශ නිකුත් නොකොට ජනතාව විසින් ලබා දුන් දැවැන්ත පරාජය පිළිබඳව ආණ්ඩුව සිය අවධානය යොමු කළ යුතු බවයි.

අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කර සිටියා.

“ජනාධිපතිවරයාම කියපු විදියට පළවෙනි මාසයේ ඉදලා හොරකම් කරපු ආණ්ඩුවක්. එවැනි ආණ්ඩුවකට ජනතාව හරි උත්තරය දීලා තියනවා. එයාල හරියාකාරව වටහා ගන්න ඕන මොකද්ද මේ ජනතාව දුන්නේ කියලා. එහෙම නැතුව ඔලුව ඉදිමවාගෙන ආරුඩ කරගත්ත බලයත් එක්ක පළිගැනීම් දිගටම කරගෙන ප්‍රජා අයිතිය අහෝසි කරනවා කියලා කරන වහසි බස් නවත්තලා රටේ ජනතාවට යම් සේවයක් කරන්න එයාලා සූදානම් වෙන්න ඕන. එහෙම බැරි නම් එයලා වහාම මහමැතිවරණයකට යන්න ඕන කියලයි මගේ අදහස.”

අපි රට සංවර්ධනය කළා. මේ රටේ යුද්ධය අවසන් කරලා දෙමළ මුස්ලිම් ජනතාවට නිදහසේ ඡන්දය පාවිච්චි කරන්න හරි යන්න පුළුවන් වෙන්නේ අපි ත්‍රස්තවාදය අවසන් කරපු නිසා. එහෙම කරලා අපි සංවර්ධනය ඇති කළා. අපි හැම අංශයකින්ම ඉහළම ගියපු ආණ්ඩුවක්. ඒක නිසා මේ ආණ්ඩුව කාගේ හරි ඇගේ එල්ලිලා බාර ගන්න 113 හදා ගන්න එක එමෙයි කරන්න ඕන.”

Mahinda Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here