සාකච්ඡා සියල්ල කමිටුවකින් නිමාවේ!

0

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් අතර හමුවක් අද (13) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදි පැවැත් වුණා.

එම සාකච්ඡාව අද රාත්‍රියේ අවසන් වූයේ වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳ තීරණයක් ගැනීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරීමට එකඟ වීමෙන් බව අප දේශපාලන වාර්තාකරු පවසා සිටියා.

මේ වන විට රටේ ඉදිරි දේශපාලන වතාවරණය පිළිබඳව කැළඹීලි සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර තනි ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයද දැඩි උනන්දුවකින් යුතු ව කටයුතු කරනු දක්නට ලැබේ.