ජනතා විරෝධී අගමැතිකම ගන්නවාට වඩා හොදයි ගෙදරට වෙලා පැදුරක් එළා ගෙන බුදිය ගන්න එක

0

ජනතාවගේ කැමැත්ත නොමැතිව තමා කිසිවිටක අගමැතිධූරය භාර ගැනීමට සූදානම් නොමැති බව හිටපු කතානායක චමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (13) හම්බන්තොටදි පැවති උත්සවයකදී ය.

“මහජනතාවගේ කැමැත්තකින් තොරව මම අගමැතිකම් භාර ගන්නේ නෑ ඊට වඩා සුදුසුයි ගෙදරට වෙලා පැදුරක් එළා ගෙන බුදිය ගන්න එක. ජනාධිපතිවරයා කළ යුතුව ඇත්තේ අවුරුදු දෙකක් කල් ගන්නේ නැතිව ජනතා කැමැත්තට ඉඩ දී මැතිවරණ පවත්වා ජනතාව කැමති දේශපාලන පක්ෂයකට රට පාලනය කිරීම සඳහා ඉඩ දියු යුතු එකයි.”

“අපි අපෙන් ගිය කිසිවෙකු සමඟ හෝ එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත වී ආණ්ඩුවක් පිහිටු වීමට අදහස් නොකරන බවත් පොදුජන පෙරමුණට ඡන්දය දීපු ජනතාව එය අනුමත නොකරන බවත් අපි විශ්වාස කරනවා.” හිටපු කතානායකවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Chamal Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here