මහින්ද පොල් ලෙල්ලෙන් ඉල්ලුවත් ඡන්දය හම්බවෙනවා……ආණ්ඩුව ඒ තරමට ඇණ ගත්තා……

0

එක්සත් ජාතික පක්ෂය රටේ ඇති කළ දූෂණය, විකීණීමට එරෙහිව ජනතාව පෙළ ගැසුණු බවත් එම ජනතාව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පොල් ලෙල්ලකින් ඡන්දය ඉල්ලා සිටියත් එයට ඡන්දය ලබා දීමට තරම් ආණ්ඩුව කෙරෙහි කළකිරුණු පුද්ගලයන් වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන සඳහන් කරනවා.

ඊයේ (13) කොළඹ දි පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

“පසුගිය වර්ෂ 3 කාලයේ ආර්ථිකය කළමනාකරණයේ වගකීම මුළුමනින්ම පාහේ පැවරිලා තිබුණේ එක්සත් ජාතික පක්ෂයට. ඔවුන් පංචවිධ ප්‍රතිපත්තියක් යටතේ ආර්ථිකය හසුරුවන්න ගිය බව තමයි අපේ නිගමනය. ඒ පංච විධ ප්‍රතිපත්තිය තමයි පළිගැනීම, බදු ගැහීම, බොරු කීම, විකිණීම, දූෂණය. මෙහි අවසාන ප්‍රතිඵලය තමයි පළාත් පාලන ඡන්දයේදි ඉතිහාසයේ ගමන් මග වෙනස් කරමින් ලක්ෂ ගණන් ජනයා මේ ආණ්ඩුවේ වැරදි පිළිවෙත දාලා ගෙදර පලයන් කියලා පොහොට්ටුවට කතිරය ගැහුවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පොල් ලෙල්ලක් දාලා මේ පොල් ලෙල්ලට ඡන්දය දෙන්න කිව්වත් එසේ ඡන්දය දෙන්න සූදානම් ජනතාවක් රටේ හිටියා. දැන් කියනවා නෑ අපි එක්සත් ජාතික පක්ෂය වෙනම ගිහිල්ලා ගොඩ නගනවා කියලා. වෙනම ගියොත් මේ විනාශයේ ඉතුරු වෙන විදිය අපි කාටත් හිතා ගන්න බෑ. මොකද සංස්කෘතික හර පද්ධතින් ඉදන් විනාශ කරනවා. රාජ්‍ය නොවන සංවිධාන, ඩොලර් කාක්කෝ, පිරිමි නර්ස්ලා එකතු වෙලා කරන් යන මේ වැඩ පිළිවෙළ වෙනස් කිරීම සඳහා රජයට රතු එළියක් පත්තු කරලා අන්ත පරාජයක් ලබා දීලා තියනවා රට වැනසීම නවත්ත්වු කියලා.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

එහිදි මාධ්‍යවේදීන් විමසා සිටියේ අග්‍රාමාත්‍යධූරයේ සිදුවන වෙනස්කම් ගැන පලවෙන මත පිළිබඳවයි. එයට පිළිතුරු ලබා දුන්මන්ත්‍රිවරයා,

“දැන් ජොකියා මාරු වුණා කියලා අශ්වයාගේ ගමන එනස් වෙන්නේ නෑ.  දැන් මේ රටේ අශ්වයයි ජොකියයි දෙන්නම වෙනස් කරන්නේ නැතුව මේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න බෑ. වාහන යනවා එහාට යනවා මෙහාට යනවා. අගමැතිතුමා හම්බවෙනවා, ජනාධිපතිතුමා හම්බවෙනවා. ආණ්ඩු පිහිටුවන්න හදනවා. වෙනස් වෙන්න හදනවා. ජනතාව කුචිකවලා තියනවා නේ.”

Bandula Gunawardane