මම අගමැතිකම ඉල්ලුවේ නෑ…., ඔය කියන කතා මම දන්නේ නෑ….මම මධ්‍යස්ථයි!

0

තමන් කිසිවිටක අගමැතිධූරය ඉල්ලා නොමැති බවත් තම එකම පැතුම වන්නේ ජනාධිපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ එකතු වී මෙම ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාම බවත් කතා නායක කරු ජයසූරිය පවසනවා.

අද (14) උදෑසන කොළඹදි පැවති උත්සවයකටසහභාගි වීමෙන් පසුව මාධ්‍යවේදීන් විමසා සිටි ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්  කතානායකවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදි මාධ්‍යවේදීන් නැවත නැවතත් විමසා සිටියේ අගමැතිධූරය ලබා දීම සම්බන්ධයෙන් වූ අතර ඒ සඳහා ප්‍රතිචාර දැක්වූ කතානායකවරයා,

“දේශපාලනය ගැන මම දන්නේ නෑ. මම ඔය කිසි එයක් දන්නේ නෑ. මම කියන්නේ මම ඉල්ලුම් කරලා නෑ. එච්චරයි. දේශපාලනය විදියට මම ප්‍රාර්ථනා කරන්නේ ඒ දෙන්නා එකට යනවා කියන එක. ඒක තමයි මගේ ප්‍රාර්ථනය. මම එහෙම කිසිදෙයක් ඉල්ලුම් කරලා නෑ. ඒ දෙන්නා යන එක තමයි මගේ ප්‍රාර්ථනය. මම කතානායකනේ. මම මධ්‍යස්ථයි. ඒ දෙන්න එකට අන එක තමයි මගේ ප්‍රාර්ථනය. ඉස්සල්ලා ඇතුල බලන්න. මම කිව්වේ මගේ ප්‍රාර්ථනය.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here