ජාතික ආණ්ඩුවේ වෙනසක් නෑ….එජාපයෙන් තීරණයක්!

0

පවතින යහපාලන රජය ඉදිරියට ගෙන යාමට පක්ෂය තීරණය කළ බව එක්සත් පක්ෂ මැති ඇමතිවරුන් පවසනවා.

ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අගමැතිවරයා සමග පැවති සාකච්ඡා වකින් අන්තතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැති ඇමතිවරුන් ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග එකතු වී ඉදිරියට ආණ්ඩුව පවත්වාගෙන යාමට තීරණය කළ බවයි.

අමාත්‍ය වජිර අබේවර්ධන,

“වෙනසක් කරන්න ඕන වෙන්නේ නෑ. 2014 නොවැම්බර් මාසයේ අපි මහජන අනුමැතිය අපි ලබා ගත්තේ මෛත්‍රි ජනපති රනිල් අගමැති, ඒකට තමයි ජනතාවගේ  ජනවරම හම්බවුණේ. ඒ ජනවරම එක්ක තමයි අපි ඉස්සරහට යන්නේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට තීරණය කරන්න බෑ. එක්සත් ජාතික පක්ෂයයි ආණ්ඩුව ගැන තීරණය කරන්නේ.”

අමාත්‍ය සජිත් ප්‍රේමදාස,

“පැහැදිළිවම ඊයේ රෑ මට ඒත්තු ගැන්වුණු දේ තමයි යහපාලන රජය ඉස්සරහට යනවා.”

කාවින්ද ජයවර්ධන මන්ත්‍රිවරයා,

“අපි පැහැදිළිවම තනි ආණ්ඩුවකට යන්න කැමතියි. අපිට කිසි ප්‍රශ්නයක් නෑ. අපිට බහුතරය තියනවා. අපි අනිවාර්යම සහෝදර පක්ෂ වලටත් ශක්තියක් ලබා දෙමින්, අපිත් එක්ක ඉන්න පක්ෂ වල, කණ්ඩායම් වල අදහසුත් අරගෙන තමයි අපි ඉදිරියට වැඩ කටයුතු කරන්නේ.”

නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ,

“අපි පක්ෂයක් විදියට තීන්දුවක් ගත්තානේ අපි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ නායකත්වයෙන් මේ ආණ්ඩුව යන්න ඕන කියලා බොහෝ විට මෙම රජයම මෙම අග්‍රාමාත්‍යවරයා සමගම ඉදිරියට යයි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුත් මේ රජයත් සමග ඉන්න ඇමතිවරු ඉදියි. මේ රජයේ.”

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක,

“ඊයේ රෑ කැබිනට් හමුවටත් මම ගියා. මම ජනාධිපතිතුමා අගමැතිතුමා ඉස්සරහා කිව්වා. මම කිව්වා තරහා වෙන්න එපා මීට පස්සේ කවදාවත් මාව කැබිනට් හමු වලට ගෙනාවේ නැති වුනත් කමක් නෑ. ඔය දෙන්නා කොහොමද තීරණය කරන්නේ ලක්ෂ 62 හමාරක් කියලා තියනවා කසාදේ දිගටම ගෙනියන්න කියලා. මම කිව්වා මාත් ඡන්දය දීලා තියනවා කියලා ඒකට. අපි කියන්නේ නැතුව කොහොමද ඔය ගොල්ලෝ වෙන් වෙන්නේ කියලා මම ඇහුවා. මම කිව්වා හාකබෝන්ඩ් ගාලා හරි ඇලවිලා ඉන්න ඕන කියලා.”