පොහොට්ටුව පිපුනාම ඩිපෝවේ කොන්දොස්තරට මද කිපිලා…දවස් 4කට කුඩුවේ…

0

හැටන් ලංගම ඩිපෝවේ කළමනාකාරවරයාට බැන තර්ජනය කිරිමේ චෝදනාව යටතේ හැටන් මහේස්ත‍්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් වු ලංගම ඩිපෝවේ සේවකයින් සිවිදෙනෙකු මේ මස (19.02) වන දින දක්වා රක්‍ෂීත බන්ධනාගාර ගත කිරිමට හැටන් දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් ටි.සරවානරාජා  අද (15.02) නියෝග කරනු ලැබ තිබේ.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කර කරනු ලැබුවේ හැටන් ලංගම ඩිපෝෙවි කොන්දොස්තරවරුන් වශයෙන් සේවය කරමින් සිටි ප‍්‍රසන්න මුල්ලිල, විජිත බණ්ඩාර, කේ.එමි.සි.ඩි ධනංජය, සහ නාවලපිටිය ලංගම ඩිපෝවේ ආරක්‍ෂක පරික්‍ෂක වශයෙන් සේවය කළ නන්දන දයානන්ද යන අයයි.

මෙම සැකකරු පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිපල නිකුත් විමත් සමග එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වන එම ඩිපෝවේ කළමානාකාරවරයා, ඩිපෝ පරික්‍ෂකවරයා සහ කොන්දොස්තරවරුන් කිහිපදෙනෙකුට එම තනතුරු වලින් ඉවත් වන ලෙසට බලපැමි කරමින් ඩිපෝ පරික්‍ෂකවරයාට බැන වැද හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගේ ජායාරූප බස් රථ වල අලවා එම ඩිපෝෙවි පරිපාලන කටයුතු සමිපුර්ණයෙන්ම සැකකරුවන් අතට ගෙන දින කිහිපයක් එම ලංගම ඩිපෝවේ පරිපාලන කටයුතු සිදුකර තිබුණි.

මේ සමිබන්ධයෙන් එම ඩිපෝවේ කළමනාකාර අනුර දොඩමිතැන්න මහතා විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

එම පැමිණීල්ල අනුව හැටන් පොලිසිය මගින් හැටන් මහේස්ත‍්‍රාත් අධීකරණයේ බි. වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කර තිබුණී. එම බි. වාර්තාව අද (15.02) හැටන් මහේස්ත‍්‍රාත් අධීකරණයෙන් කැදවනු ලැබුවා. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් වු අවස්ථාවේ මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය කරනු ලැබුවා.

මෙහිදි විවෘත අධිකරණයේ මහේස්ත‍්‍රාත්වරයා කියා සිටියේ පරිපාලන කටයුතු වලට සේවකයන් ඇගිලි ගැසිමේදි ආයතනයක් පවත්වාගෙන යැම ගැටලූ සහගත බවයි. හැටන් පොලිසිය මගින් එම ඩිපෝවේ කළමනකාරවරයාට දුරකථන ඔස්සේ තර්ජනය කළ සැකකරුවෙකු සමිබන්ධයෙන් විමර්ශනයක් සිදු කිරිමට එම දුරකථ සමාගමින් අවශ්‍ය දත්ත ලබා ගැනිමට නියෝගයක් නිකුත් කරන ලෙසටද හැටන් පොලිසිය මගින් ඉල්ලිමක් කර තිබුණී. මහේස්ත‍්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

එම සේවකයින් විසින් දින කිහිපයක් හැටන් ලංගම ඩිපෝවේ පරිපාලන කටයුතු සිදුකිරිම හේතුවෙන් හැටන් ලංගම ඩිපෝව විශාල ආදායම අඩුවිමක්ද සිදුවි ඇති බව හැටන් ලංගම ඩිපෝ පරික්‍ෂක රෝහනද සිල්වා මහතා කියා සිටියා.