සුසිල් කියන ඒවා ගණන් ගන්න බෑ…ජනාධිපතිතුමාම ගැලවිලා එන්න ඕන….එදාට අපි සහය දෙනවා….!

0

පවතින ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී තනි ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුදානම් වන්නේ නම් කොන්දේසි විරහිතව සහය පළ කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

අද (15) උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ දි පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා මේ බව සනාථ කර සිටියා.

“සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා කිව්වාට ජනාධිපතිතුමා නෙමෙයිනේ කිව්වේ. මේකේ ඉස්සෙල්ලම වෙන්න ඕනේ මේ දෙගොල්ලන්ගේ දීගේ අවසන් කරනවා කියලා සහතිකයක් ලැබුනම අපේ ස්ථාවරය අපි ගන්නවා. තව ගෑණියෙක් දිහා බලන්න ඉස්සල්ලා මේ ගත්ත ගෑණි අයින් කරලා ඉන්න එපැයි. ගත්ත ගෑණිව අයින් කරන්නේ නැතුව තව ගෑණියෙක් දිහා බලලා හිරේ යන්න වෙයි.”

ප්‍රශ්නය: දුමින්ද දිසානායක කියන්නේ මේ යහපාලන ආණ්ඩුව ඉස්සරහට යනවා කියලා?

“ඕකව කවුද ගනන් ගන්නේ. එයා කියන ඒවා කවුද ගනන් ගන්නේ. එයාගේ තාත්තා එක්ක මම දේශපාලනය කළේ. එතකොට ඕකා පොඩි කොල්ලෙක්. ඉතින් ඒකා කියන ඒවා අපි ගනන් ගන්නේ නෑ.”

අනතුරුව තවත් මන්ත්‍රිවරුන් මේ පිළිබදව මාධ්‍යයට අදහස් දක්වා සිටියා.

මහින්ද යාපා අබේවර්ධන,

“අපි කිසිම තනතුරක් බාර ගන්නේ නෑ. අපි විරුද්ධ පක්ෂයේ ඉදගෙන ඒ රජයට සහය දෙනවා. වැඩ කරන්න ඉඩ හදලා දෙනවා. ඒවගේම ආණ්ඩුව වැටෙන්න නොදී අපි ආරක්ෂා කරලා දෙනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයා විදියට ඉන්නේ අපි දන්න විදියට නිමල් සිරිපාල ද සිල්වාමැතිතුමා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන,
“අපි කියලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට බොහොම පැහැදිලිව ශ්‍රීලංකා නිදහස් පක්ෂය අරගෙන ආණ්ඩුව හදන්න. ඒකට අපේ සහයෝගය දෙනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ,
“තනි ආණ්ඩුවක් පිහිටුවන්න අපේ උදවු ඕනේ නම් කොන්දේසි විරහිතව අපි ඒ උදව්ව දෙනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු,
“අපි කිව්වා ප්‍රාදේශිය සභා ඡන්දයේදී ආණ්ඩු පෙරළියක් එනවා කියලා, රනිල් වික්‍රමසිංහ කිව්වා ආණ්ඩු පෙරළියක් එන්නේ නෑ කියලා. හැබැයි දැන් අණ්ඩු පෙරළියක් වෙලා තියෙනවා කියලා ජාත්‍යන්තරයට පේනවා. අපි බලමු ඉදිරි පැය 24 තුළ මොකද වෙන්නේ කියලා.