දින 90න් රනිල් වික්‍රමසිංහ අගමැතිකමෙන් යයිද……?

0

අගමැතිධූරයේ කිසිදු වෙනසක් සිදු නොවන බවත් එක්සත් ජාතික පක්ෂය ශ්‍රි ලංකා nනිදහසේ පක්ෂයේද සහයෝගයෙන් යහපාලන රජය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා.

ඊයේ (18) රාත්‍රියේ අරලියගහ මන්දිරය අසලදි මාධ්‍යවෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ට කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.

“රටේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරියට තැබු පය ඉදිරියට ගෙන යාමට පක්ෂය තීන්දු කළා. අපේ ආණ්ඩුව ඒ කාර්යයභාරට සඳහා කැපවෙනවා කියලා තමයි අපි තීරණය කළේ. ඒ වගේම පක්ෂයේ වෙනුවෙන් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා ගොඩාක් සටන් කරන පුද්ගලයෝ. අපි පාක්ෂිකයින්ට කියනවා බය වෙන්න එපා කියලා. කෙලින් කතා කරනවා පක්ෂය ශක්තිමත් කරනවා. ස්වර්ණමය යුගයක් එක්සත් ජාතික පක්ෂයේ බිහිකරනවා. 77දි අපි එක්සත් ජාතික පක්ෂයට ලබා දුන්න ස්වර්ණමය යුගය අපි නැවතත් එක්සත් ජාතික පක්ෂයට ලබා දෙනවා,” මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

එසේම පවතින යහපාලන රජයෙන් ඉවත් වීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව නියෝජ්‍ය කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල සඳහන් කර සිටියා.

මේ අතර දින 90ක් තුළ අග්‍රාමාත්‍යධූරයෙන් ගෞරවනීය පිටවීමක් (Honourable Exit) සිදු කරන බවත් එම කාලය අතරතුර පක්ෂයේ නායකත්වයට වෙනත් අයෙකු පත්කිරිම සදහා අවශ්‍ය පරිසරය සකස් කරන බවටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (18) රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවේ පොරොන්දු වී ඇති බව වෙබ් අඩවියක් වාර්තා කරනවා.

ඊයේ රාත්‍රියේ ජනාධිපති සිරිසේන, අගමැති වික්‍රමසිංහ හා කතානායක කරු ජයසූරිය අතර පැවැති සාකච්ඡාවේදි අගමැතිවරයා මෙසේ පොරොන්දු වූ බවත් දින 90 තුළදි අගමැතිධූරය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරු ජයසූරිය වෙත ලබා දීමට ක්‍රියා කරනු ඇති බවත් එම වෙබ් අඩවිය වාර්තා කරනවා.