අපි කා එක්කවත් ඩීල් දාලා නෑ….අපි ඉන්නේ අපේ කදවුරේ…..!

0

යහපාලන ආණ්ඩුවේ ඔලුව වෙනස් වුනත්, මුහුණ වෙනස් වුවත් ආණ්ඩුව ඉදිරියට යන බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසා සිටිනවා.

ඊයේ (18) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ වර්තමාන දේශපාලන අර්බුදය පිළිබඳව තමා ලැජ්ජාවට මෙන්ම කණගාටුවට පත්ව ඇති බවයි.

“දැන් මේ රටේ ඇති වෙලා තියන දේශපාලන අර්බුදය ගැන මම ලැජ්ජා වෙනවා. කේන්ති යනවා, කණගාටුත් වෙනවා. අපි 2015 ජනවාරි මාසයේ ලබා ගත්ත ජනවරම මේක නෙමෙයි. මේ මැතිවරණ ප්‍රතිඵලය පදනම් කරගෙන ආණ්ඩුවක් ඉවත් වෙන්න ඕන නම් මේ රටේ වෙන වෙන මැතිවරණ ඕන නැහැනේ. මැතිවරණ 4ක් පවත්වන්න ඕන නැහැ. එක මැතිවරණයක් පවත්වලා එයාට ජනාධිපතිකම් දෙන්න පුළුවන්. අගමැතිකම් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඇමතිකම් ගන්න පුළුවන්. ඒවගේම මහ නගර සභාවේ නගරාධිපතිකම ගන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැනේ. මේක බුද්ධිමත් මිනිස්සු පිළිගන්නේ නෑ. එජාප පෙරමුණේ අපි ඉන්නවා. ඉතින් එජාප පෙරමුණේ ඉන්න අපිත් එක්ක කවුරුත් ඩීල් දාන්න අවෙත් නෑ. ඩිල් දාන්න අපි ලෑස්ති නෑ. ආණ්ඩුවේ ප්‍රතිසංවිධානය වෙන්න ඕන. අපි නම් කියන්න කැමතියි අපි කවුරුවත් දිවෘම් කඩදාසි අරගෙන ආවේ නෑ. අපි අත්සන් කළෙත් නෑ. අපි ප්‍රසිද්ධව කියන්න කැමතියි අපි කොයි කණ්ඩායම එක්කත් එකතු වෙලා නෑ. අපි ඉන්නේ අපේ කණ්ඩායමේ,” අමාත්‍යවරයා පවසා සිටියා.