විවාද නොකොට සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳාගෙන ජනතාව කෙරෙහි අවධානය යොමු කරන්න!

0

රටේ පවතින දේශපාලන අර්බුදය හැකි ඉක්මණින් සාකච්ඡා මට්ටමින් විසදා රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරන ලෙස ශ්‍රි ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අති පූජ්‍ය නාපානේ ප්‍රේමසිරි  නාහිමියන් ඉල්ලා සිටිනවා.

අද (19) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

රට ස්ථාවරව ඒකියව ඉදිරියට ගෙන යාමට සදහා මේ අවස්ථාවේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ආදි වැඩිහිටි දේශපාලඥයින් විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාවාස සමග සාකච්ඡා කොට අනාගතයේදි ශ්‍රි ලංකාව ලෝකයේ ආදර්ශවත් රටක් බවට පත් කිරීමට කටයුතු කරනු එතැයි තමන් වහන්සේ අපේක්ෂා කරන බව උන්වහන්සේ මෙහිදි පවසා සිටියා.

එසේම පාලක පක්ෂය ජනතාව කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් ජනතාව ඉතා අමාරුවෙන් අද සිය ජීවන අරගලය කරමින් පවතින බවත් සඳහන්කළ උන්වහන්සේ ඒ නිසා මෙම අවස්ථාවේදී විවාද නොකොට සාමයෙන් ජීවත් විය යුතු බවත් පවසා සිටිනවා.