ශ‍්‍රි පාද රක්ෂිතයේ ගින්නක්-ගුවන් හමුදා සහය ඉල්ලයි

0

නල්ලතන්නි ශ‍්‍රි පාද රක්ෂිතයේ අද දහවල් ගින්නක් හට ගත්තා. නල්ලතන්නි පොලිසිය ලගින් අද දහවල් 12.00 ට හටගත් ගින්න මේ වන විට රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බව අප වාර්තාකරු සදහන් කළා.නල්ලතන්නි පොලිසිය අසලින් හටගත් මෙම ගින්න මැඩ පැවැත්විමට පොලිසියත් පොලිස් විශේෂ කාර්ය බලකායත් ප‍්‍රදේශවාසිනුත් දැඩි උත්සහයක නිරතවු අතර ප‍්‍රදේශයේ පවතින දැඩි වියලි කාලගුණය සහ දැඩි සුලංතත්වය හේතුවෙන් ගින්න සිග‍්‍රයෙන් පැතිර යමින් පවතිවා.

ගින්න පාලනය කිරිමට නොහැකි නිසා ගින්න මැඩ පැවැත්විම සදහා ගුවන් හමුදා සහය ඉල්ලා සිටි බවයි නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඩි.පි.ජි. කුමාරසිරි මහතා පැවසුවේ.

DSC03162 DSC03168 DSC03183 DSC03184