කිරිඇල්ලගේ යෝජනාවට පාඨලිගෙන් උදැල්ල….එජාපය වටකොට පාඨලීට පහර දෙද්දි, පාඨලීගේ සහයට අමරවීර, දුමින්ද….

0

ඊයේ (20) පැවති කැබ්නට් හමුවේදි එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන් වන ලක්ෂමණ් කිරිඇල්ල හා පාඨලි චම්පික රණවක අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වී තිබෙනවා.

මධ්‍යම අධිවේගි මාර්ශය සම්බන්ධයෙන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට පාඨලී අමාත්‍යවරයා විරෝධය දැක්වීම සමග මෙම තත්ත්වය නිර්මාණය වී ඇති අතර එහිදි පාඨලී අමාත්‍යවරයා පවසා ඇත්තේ සංවර්ධන ව්‍යාපෘති කිරිමේදි ප්‍රමුඛතාවය දිය යුත්තේ කුමකටද යන්න හදුනා ගත යුතු බවයි.

එහිදි එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් කිරිඇල්ල අමාත්‍යවරයා වෙනුවෙන් පෙනි සිටිමිනි අදහස් ඉදිරිපත් කර ඇති අතර අමාත්‍ය මහින්ද අමරවීර, දුම්න්ද දිසානායක පාඨලී අමාත්‍යවරයා සම්බන්ධයෙන් පෙනී සිට ඇත.

කෙසේවෙතත් මහනුවර අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට ඉදිවන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ජපානයේ කොන්ත්‍රාත් සමාගමකට පැවැරීමට කර තිබූ යෝජනාවක්ද ජනාධිපතිවරයා විසින් අත්හිටුවා ඇති අතර ඒ සම්බන්ධව වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි අදාළ ඇමැතිවරයාට නියම කර තිබේ.

උසස් පෙළ සිසුන්ට හා උසස් පෙළ පන්ති ගුරුවරුන් සඳහා රුපියල් කෝටි 500ක් වැය කර ටැබ් පරිගණක ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් විසින් ඉදිරිපත් කොට තිබූ කැබිනට් යෝජනාවද ජනාධිපතිවරයා විසින් ප්‍රතිකේෂ්ප කොට තිබෙනවා.