රටේ ආර්ථික කඩුව ජනපති අතට…..!

0

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (21) අරලියගහ මන්දිරයේදි රැස්වීමට නියමිතව තිබු  ආර්ථික කළමනාකරණ කමිටුව දින නියමයක් නැතුව කල් දමා තිබෙනවා.

මේ අතර ජාතික ආර්ථික සභාව ඊයේ (20) ජනාධිපති කාර්යාලයේදි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 8 වෙනි වරටත් රැස්වූ අතර රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙළ ජාතික ආර්ථික සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට එහිදි තීරණය වුණා.

මෙතෙක් රටේ ආර්ථික සම්බන්ධයෙන් වැදගත් තීරණ ගනු ලැබූ ආර්ථික කළමනාකරණ කමිටුව ජාතික ආර්ථික සභාව පිහිටුවීමත් සමග අවලංගු වන අතර මෙතැන් සිට ජාතික ආර්ථික සභාවේ ප්‍රධානත්වය හිමි වන්නේ අගමැතිවරයාට නොව ජනාධිපතිවරයාට වේ.

කෙසේවෙතත් ඊයේ ජනාධිපති මන්දිරයේ පැවති සභාවෙ රැස්වීමට අග්‍රාමාත්‍යවරයා ද සහභාගි විය.

පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකාවේදි ජනාධිපතිවරයා පවසා සිටියේ මෙතෙක් කල් රටේ ආර්ථිකය එක්සත් ජාතික පක්ෂය අවශ්‍ය පරිදි සිදු කිරීමට ඉඩ ලබා දුන්නාද එමගින් රටට යහපතක් සිදු වී නොමැති නිසා ජනාධිපතිවරයා ලෙස රටේ ආර්ථිකය මෙහෙයවීම ලබා ගන්නා බවයි.