ජනපති ඉන්නේ කල්මැරීමේ න්‍යායෙන්…..හිතුවක්කාරෙට පත් කළා නම් අයින් කරන්න බැරි ඇයි?

0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ ලෙස නීතිවිරෝධීව අගමැතිවරයා පත් කළ සිරිසේන ජනාධිපතිවරයා එම අගමැති ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන්නේ කවර පදනමකින්ද ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් ප්‍රශ්න කර සිටිනවා.

ඊයේ (19) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

“රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අගමැති හැටියට පත් කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහට තිබුණේ ආසන 45යි. ඒකාබද්ධ විපක්ෂයට තිබුණා ආසන 120කට වඩා. සුළුතර පක්ෂයකින් අගමැති කෙනෙක් පත් කිරීම ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද කියන එක ප්‍රශ්නයක්. සිරිසේන ජනාධිපතිතුමා එදා එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළාද? නෑ. ඒ හිතුවක්කාර ක්‍රියාව කරපු ජනාධිපතිවරයා ඇයි දැන් නීතිවිරෝධී ලෙස පත් කරපු අගමැතිවරයා අස් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්නේ? නීති ප්‍රශ්නයක් මවාපාලා කෘතීම ගැටළුවක් ඇතිකරලා දේශපාලන තීර්ණයක් ගැනීම වැළැක්විම, කල් මැරීම තමයි සිරිසේන ජනාධිපතිතුමාගේ අභිප්‍රාය වෙලා තියෙන්නේ.” මහාචාර්යවරයා පෙන්වා දුන්නේ.

G. L. Peiris