කෝච්ච් වෙනස් වුණාට ස්ටේෂන් වෙනස් වෙනවාද…? කොඩිකාර කියන්නේ දේශපාලන බුද්ධියක් තියන කෙනෙක්‍ යෑ…..!

0

බරපතළ දේශපාලන රැල්ලකදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට පමණක් බේරීමට නොහැකි බව බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.

බස්නාහිර පළාත් සභාවේ පැවති උත්සවකින් අන්තුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා චෝදනා කර සිටියේ මහරගම නගර සභාව තුළ ඇති වී තිබෙන අස්ථාවරත්වය බවට උපාලි කොඩිකාර වැනි පුද්ගලයින් වගකිව යුතු බවයි.

“උපාලි කොඩ්කාර කියන්නේ දේශපාලන විහිළුකාරයෙක්. දේශපාලන බුද්ධියක් තියන පුද්ගලයෙක් නෙමෙයි. අද මහරගම නගර සභාව අස්ථාවර කරලා තියෙන්නේ උපාලි කොඩිකාරලා. මැතිවරණ එනවා යනවා හරියට කොච්චි එනවා යනවා වගේ. ස්ටේෂන් වෙනස් වෙන්නේ නෑ. අපි හරියට ස්ටේෂන් වගේ. කැලේ ගිහි ගන්නකොට සදුන් ගහ වටිනා බේත් ගස් ඔක්කෝම පිච්චිලා යනවා. මහා දේශපාලන රැල්ලක් එනකොට ඒකෙන් අපිට විතරක් බේරෙන්න පුළුවන් කමක්නෑ. මහරගමත් වුණේ ඒක තමයි,” ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර ඊයේ බස්නාහිර පළාත් සභා සැසිවාරයට පැමිණි අවස්ථාවේදි පළාත් සභා මන්ත්‍රි උපාලි කොඩිකාර පවසා සිටියේ, බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිකම කොට මිටි අයෙකුට පිනට ලැබුණු දෙයක් බවයි.