නයි නැටවිල්ලත් පල්ලං යන ලකුණු…. අහිකුණ්ටක කුලය තවත් වසර දහයකින් පහව යයි.

0

 

එදා රජ සමයේ සිට පැවත එන අප සිංහල ඉතිහාස වංශ කතාවේ ප්රතමුකස්ථානයක් හිමිව තිබූ කුල භේදය අද දක්වාම අප සමාජයේ නුහුපුරා යමින් තිබීම නිසාවෙන් සමාජයේ ඒ පිළිබද නොයෙකුත් අර්ථකතනයන් සේම විවිධ මතිමතාන්තර පවතින බව අමුතුවෙන් කිව යුතු නොවේ. කුල භේදයන් ගැන කතා බහේදී සමහර අවස්ථාවන් වලදී අප සමාජය භේදබින්න වන අවස්ථාද අනන්ත අප්රජමාණය.

ඒ අනුව රජ කුලය, ගොවි කුලය, රොඩී කුලය, රදා කුලය වැනි කුල පිළිබද ජනතාව තුල එකිනෙකට වෙනස් ආකාරයේ විවිධ ආකල්ප වත්මන් සමාජයේද නිරන්තරයෙන් කතා බහට ලක්වන අවස්ථා එමටය. අප රටේ පහත් කුලයක් ලෙස සැලකෙන අහිකුණ්ටක කුලයට අද වන විට හිමිව ඇත්තේ පහත් මට්ටමේ සැලකිල්ලකි.

නමුත් අහිකුණ්ටක කුලය යැයි සලකෙන මෙම කුලයට අයත් මිනිසුන්ගේ සිය උපන් භූමිය ලෙස සැලකෙන ඉන්දියාව කේරළ ප්රායන්තයේ තෙලිගු ජාතිකයින් බව කව්රුත් නොදන්නා කරුණක් විය හැකිය. පසු කාලීනව මොවුන් ඉන්දියාවේ සිට අප රටට සංක්රවමණය වීමෙන් අනතුරුව මුල්ම ජනාවාසය කුඹුක්වැව ජනපදයේ පිහිටුවා ගැනීමෙන් අනතුරුව එහි තෙලිගු ජාතික පවුල් 50ක් පමණ වාසය කල බවට ඉතිහාසය මනාව සාක්ෂි දරයි.

කුඹුක්වැව ජනපදයේ පදිංචිව සිටි මොවුන් එවකට ආගම ලෙස වන්දනාමාන කර ඇත්තේ වෘක්ෂ වන්දනාව, ගිනි දෙවියන් පිදීම, පර්වත වන්දනාව වැනි ස්භාවික වස්තූන්ට මෙලෙස නමස්කාර කිරීමයි. පසු කාලීනව මොවුන්ගේ වර්ධන වේගයත් සමග මොවුන් බහුතරයක් නොයෙකුත් ආගම් සිප වැළද ගැනීමට සමත්ව ඇති බව කියයි. ඒ අනුව බුද්ධාගමට ප්ර්මුකස්ථානයක් ලබා දෙන අතර, සමහර පිරිස් කතෝලික ධර්මයද අදහමින් සිටින බව කියයි.

මෙම තෙලිගු ජාතිකයින්ගේ ජීවනෝපාය වී තිබුණේ ගමින් ගමට ගොස් සතුන් ප්රීදර්ශණය කර මුදල් උපයා ගැනීමයි එහිදී මොවුන් බූරුවෙකු පිට බැදි තවලමක ආධාරයෙන් ගමින් ගමට ඇවිද යන මොවුන් එක් ගම්මානයක ඉදිකරන කූඩාරමක් සිය වාසස්ථානය බවට පත්කර ගන්නා අතර, එකී කූඩාරම තුල දින හතක් රැදී සිටිමින් අවට ගම්මාන වෙත ගොස් සතුන් ප්ර්දර්ශණය කර දෛනික ආදායම සරිකර ගත් බව කියයි.

එම ප්රැදර්ශණයන් සදහා විෂ ඝෝර සර්පයින් යොදා ගන්නා අතර, නාගයාට ඔවුන් විශේෂත්වයක් දක්වන බව කියයි. ඒ අනුව රජ කුලය, බමුණු කුලය, ගොවි කුලය, ගැරඩි කුලය, බෙරවා කුලය වැනි කුල වලට අයත් නාගයින් වනාන්තර තුලදී අල්ලා ගන්නේද, සුදු එළවරා නැමති ඖෂධීය ශාකය උපයෝගි කරගනිමින් බව කියයි.

ඊට අමතරව පොළගා, පිඹුරා, රිළවා වැනි සතුන්ද මෙම ප්රවදර්ශණයට යොදා ගන්නා අතර, සතුන් දර්ශණය කිරීම සදහා යොදා ගන්නා නලාව තිත්ත ලබු ගෙඩියක ආධාරයෙන් සදා ගන්නා මොවුන් එය නයි නලාව නමින් හදුන්වනු ලබයි. නයි පෙට්ටිය කල වැල් ආධෘරයෙන් නිමවා ගන්නා අතර, සියළුම සතුන් එම පෙට්ටිය තුල බහාගෙන මෙලෙස ප්රොදර්ශණ සදහා යන බව කියයි.

එහිදී මොවුන්ගේ විශේෂත්ව වී ඇත්තේ විෂ ඝෝර සර්ප දෂ්ඨය සදහා ක්ණික ප්රීතිකාර මොවුන් සතුව තිබීම නිසාවෙනි. එම ප්රිතිකාරය මොවුන් හදුන්වන්නේ නයි ගල හෙවත් විෂ ගල ලෙසිනි. එම විෂ ගල සකස් කර ගැනීම සදහා තුන් මසක් පමණ ගත වන බව කියයි.

නමුත් පසු කාලිනව මොවුන්ට අවශ්ය සියලු යටිතල පහසුකම් සහිත 1971 වර්ෂයේ තඹුත්තේගම කුඩාගම ප්රුදේශයේ ජන උදාන ගම්මානයක් ඉදිවන්නේ දිවංගත ආර්.ප්රේයමදාස මහතාගේ සංකල්පයකට අනුවයි.

එහි පදිංචියට පැමිණි මොවුන් පසු කාලීනව විවිධ තරාතිරම් වල රැකියා තෝරා ගැනීමත් සමග මොවුන්ගේ පාරම්පරික සත්ත්ව ප්රතදර්ශණය මේ වන විට සීඝ්රපයෙන් විනාශයේ හිංපෙත්තට ලගා වෙමින් තිබෙන බවට පෙර නිමිති පහළ වෙමින් තිබේ.

එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රටේ ජීවත් වන අනෙකුත් ජන කොටස් විවිධාකාර ගරු බුහුමන් සහිත වෘත්තීන් සිදු කරමින් සිටීමත්, තමන් පමණක් සාම්ප්රතධායිකව සිදුකරමින් පැමිණි මෙම කර්මාන්තය පිලිබද අද සමාජය පහත් කොට සැලකීමත්, එකී කර්මාන්තය පිලිකුල් කිරීම වැනි කරුණු කාරනාත්, තමන්ගේ දරු පරපුර අද වන විට රටේ උසස් ස්ථාන වල විවිධාකාර නිළ තල හොඹවමින් සිටීමත්, පාසල් යන අවදියේ ළමුන්ද තම වෘත්තියට අකැමැති නිසාවෙන් තමන්ගේ පවුල් වල සාමාජිකයින්ට මෙන්ම තම පරම්පරාවටම සතුන් ප්රලදර්ශණය කර මුදල් ඉපයීමේ රැකියාව විශාල කැළලක් වී ඇති නිසාවෙන් සිය කර්මාන්තයට සමුදී ඇති බවයි.

මේ හේතුව නිසාවෙන් දැනට වසර දහයකට පෙර සිට සතුන් ප්රනදර්ශණය කිරීමේ කලාව කුඩාගම ගම්මානයෙන් වැළලී යාමේ මං සළකුණු ඉස්මතුවෙමින් තිබෙන බවත්, තමන් මෙපණ කලක් පුරාවට පවත්වගෙන ආ මෙම පාරම්පරික රැකියාව නුදුරේදීම සම්පූර්ණයෙන් නවතින බවත්, ඉදිරි පරපුරට මෙය අහිමිව යාම බරපතල ගැටළුවක් බවටයි. පාරම්පරික වැඩිහිටියන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව කුඩාගම, පාඩුපංචියාව, වව්නියාව ඉරට්ටුකලම්, අක්කරෙයිපත්තුව අලිගම්පෙ, මිහින්තලේ, කලාවැව වැනි ප්රතදේශවල පදිංචි පවුල් 10000ට ආසන් පිරිසකයෙන් දැනට අල්පයක් පමණ පවුල් 200ක් මෙම වෘත්තියේ නියෙලෙමින් දැනටත් ආදායම් උත්පාදනය කර ගන්නා බව කියයි.

අද වන විට මොවුන් මුහුණපා ඇති ප්රාධානතම ගැටළුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ තමන්ට වාසය කිරීමට තරම් ප්ර්මාණවත් ස්ථීර නිවසක් නොමැතිකමින් තම දරු පවුල් දැඩි අසීරුතාවයට ලක්ව සිය ජීවිකාව ගතකරගෙන යන බවයි. එපමණක්ද නොව සිය පිපාසය සංසිදුවා ගැනීමට ප්රදමාණවත් පානිය ජලය නොමැතිකමින් උග්රස ජල ප්ර්ශ්ණයකට මුහුණ දී ඇති බවත්, පවුල් නඩත්තුව සදහා නිෂ්චිත ආදායම් මාර්ගයක් නොමැතිකමින් තමන්ගේ ආදායම් මාර්ගය සීඝ්රයයෙන් පහත වැටී ඇති බවයි.

මෙහිදී අප කල විමසුමකදී අදහස් දැක්වූ කුඩාවැව පදිංචි පාරම්පරික වෘත්තිකයෙකු වන එගටංගේ පොඩි මහත්තයා මහතා පවසා සිටියේ මෙවැන්නකි.

ඉස්සර මේ රස්සාවට හොද ඉල්ලුමක් තිබුණා. හැබැයි අද වෙද්දි මේ රස්සාව හැමෝම පිළිකුල් එකක් කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි. අද අපිට සත්තු නඩත්තු කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. මොකද කීවොත් රජයෙන් සත්තුන්ට බල පත්රනයක් ගන්න ඕනෙ. ඒකට ලොකු මුදලක් දරන්න සිද්ධ වෙනවා. තව පැත්තකින් සත්තුන්ට ලෙඩ රෝග හැදුනාම වෙදකම් කරන්න ඕනෙ. එව්වටත් විශාල මුදලක් යනවා. සතෙක් ප්රවදර්ශණය කරලා අපිට ලොකු ගාණක් අතට එන්නෙත් නැහැ. තව දෙයක් තමයි දැන් අපේ ළමයි ලොකු ලොකු රක්ෂා කරනවා. තව සමහර ළමයි ඉගෙන ගන්නවා. ඉතිං අපි නයි නටවන ඒක එයාලට ලොකු අවනම්බුවක් ඒ වගේම ලොකු ලැඡ්ජාවක්. මොකද අපේ ජාතියෙ අය එක්ක නෙමෙයි අපිට අද ගැටෙන්න වෙලා තියෙන්නෙ. එක එක අය ඉන්නවා. එයාලා රස්සාව බාල්දු කරනවා. තව සමහරු අපිට අහිකුණ්ටකයින් කියනවා. මෙන්න මේ වගේ වැඩ නිසා අද අපිට රස්සාව එපා වෙලා තියෙන්නෙ. ඒ නිසා අපි දැන් එක එක රස්සා හොයාගෙන සමාජයේ අනෙක් අය වගේම අපිත් හොදට කාලා බීලා ජීවත් වෙනවා. දැන් ඉන්න කොල්ලන්ට කීවොත් නයි නටවලා හම්බු කරන්න කියලා උන් හිනා වෙනවා. මොකද එයාලට මේක ලොකු ලැඡ්ජාවක් තව අවුරුදු තුන හතරකින් අපිත් මැරිලා ගියාම මේ රස්සාව මෙතනින්ම සදහටම නවතිනවා.

මෙහිදී අප කල විමසුමකදී අදහස් දැක්වූ නොච්චිකුලම පදිංචි පාරම්පරික වෘත්තිකයෙකු වන අනංගටින්නා මහතා පවසා සිටියේ මෙවැන්නකි.

අපි දන්න දා ඉදලා කරගෙන ආවේ මේ සත්තු නටවලා ජීවත්වෙන රස්සාව මම දැන් බැදලා මටත් ලොකු දරුවො ඉන්නවා. එයාල සමහර තැන් වලදී වෙනස් තීරණ අරගෙන දැන් එයාල මිශ්රද විවාහ කරගෙන ජීවත් වෙනවා. සමහරු කෙල්ලෝ සිංහල කොල්ලන්ව බැදලා ඉන්නවා. සමහර සිංහල කෙල්ලෝ අපේ කොල්ලන්ව බදැලා ඉන්නවා ඔන්න ඔය විදියට තමයි අපි ජීවත් වෙන්නෙ. ඒ නිසා දරුවො අපිට නිතරම කියන්නෙ මේ රක්ෂාව නවත්වන්න මොකද අද එයාලට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා කියලයි කියන්නෙ. හැබැයි එයාලා දන්නෙ නෑ. එයාලා කුඩා කලේ පාසල් යැව්වෙ කැව්වෙ පෙව්වෙ මේ රස්සාව කරලා කියලා. ඔන්න ඔතනයි අපේ අයට වැරදුන තැන අද අපි ජීවත් වෙන්නෙ අපේ තාත්තලා සීයලා ජීවත් වුණේ මේ රස්සාව කරලා එයාලා එදා හොද ආදායමක් ලැබුවා. ඒ වගේම මේ රස්සාවට හොද ඉල්ලුමකුත් තිබුණා. අද ඒ තත්ත්වය මේ සමාජයෙන් වෙනස් වෙලා මේ රස්සාව කඹයකටවත් ගණනන් ගන්නෙ නැහැ. යනුවෙනි.

මෙහිදී අප කල විමසුමකදී අදහස් දැක්වූ නොච්චිකුලම පදිංචි පාරම්පරික වෘත්තිකයෙකු බිරිදක් අපට පවසා සිටියේ මෙවැන්නකි.

අපිට කන්න බොන්න කියලා ලොකු ආදායමක් නැහැ ඉස්සර අපේ මහත්වරු පිට පළාත් වලට ගිහිල්ලා සත්තු නටවලා ලොකු ආදායමක් ගත්තා. හැබැයි ඒක දැන් වෙනස් වෙලා මොකද මේ රස්සාව කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි අපේ දරුවො කැමැති නැහැ තව දෙයක් තමයි මේ රස්සාව අද සමාජයෙන් පිළිකුල් කරනවා. ඉතිං ඔය හේතු නිසා අද අපිට ජීවත් වෙන්න බැරි පසු බිමක් හැදිලා තියෙනවා. අපි බළධාරින්ගෙන් ඉල්ලන්නෙ අපිට අපේ නිදහසේ ජීවත් වෙන්න අවශ්යඉ පරිසරය හැදිලා මිනිස්සුන්ට රස්සාවල් ලැබුණනම් අපිත් අනෙක් මිනිස්සු වගේ මේ සමාජයේ හොදට ඇදලා පැලදිලා කාලා බීලා වැදගත් විදියට ඉන්න පුළුවන් යනුවෙනි.

මෙහිදී අප කල විමසුමකදී අදහස් දැක්වූ සියඹලාගස්වැව පදිංචි කාලිඅම්මා මහත්මිය පවසා සිටියේ මෙවැන්නකි.

අපි යුද්ධෙ කාලේ හොදටම අසරණ වුණා. ඒ මදිවට අපි තවටත් අසරණ වෙලා ඉන්නෙ මොකද කීවොත් අපිට ඉන්න කරන්න ගෙයක් දොරක් නැහැ කන්න බොන්න විදියක් නැහැ කාටවත් ස්ථීර රස්සාවක් නැහැ ඒ විතරක් නෙමෙයි බොන්න වතුර ටිකක් නැහැ, වැසිකිළියක් නැහැ, ළමයෙකුට ඉස්කෝළයක් නැහැ අපි නිකන් ජීවත් වෙන්නෙ හරියට තාමත් ගල් යුගයෙ මිනිස්සු වගේ අපිට අපේ අයිතීන් ලබා දෙන්නෙ නැති හේතුව අපි දන්නෙ නැහැ මොකද අපිත් කැමතියි මේ සමාජයෙ අනෙක් අයට ලැබෙන අයිතිවසිකම් අපිටත් ලැබිලා අනෙක් මිනිස්සු වගේම ජීවත් වෙන්න ඒකට මේ සමාජයෙ අපිට ඉඩක් නැහැ කව්රුත් අදටත් අපිට කියන්නෙ අහිකුණ්ටකයො කියලා. අපි ඒ නමට කොහෙත්ම කැමති නැහැ මොකද අපි ඉන්දියාවේ ඉදලා පැවතගෙන එන ජාතියක් ඒ තමයි තෙලිගු ජාතිකයින් ඉතිං අද අපි මේ සමාජයෙන් කොන් වෙලා ඉන්නෙ අපිට මේ ගැන දුකක් මිස සතුටක් නැහැ.

පුත්තලම කේ.ප්‍රියංකර