බ්‍රිගේඩියර්ව ලංකාවට ගෙන්නලා ඊලමේ හයිය පෙන්නුවා……!

0

ලන්ඩන් නුවර ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ඊයේ ලංකාවට පැමිණියා. ඒ ලංකා රජය විසින් නිකුත් කළ සිය රට කැදවීමේ නියෝගයක් අනුවයි.

මේ පිළිබඳව ඊයේ (22) පැවති ආණ්ඩු විරෝධී මාධ්‍ය හමු කිහිපයකදි අදහස් පළ විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ,

“ඔහු වරදක් අරපු කෙනෙක් නෙවෙයි. ඔහු දෙමළ ඊළාම්වාදීන්ට තමන්ගේ නිළ ඇඳුමේ තිබුණ ජාතික කොඩිය පෙන්නනවා. එතකොට දෙමළ ඊළාම් කොටි හිතවාදීන් උරණ වුණාම ජාතික කොඩිය පෙන්නපු නිළධාරියාට ලංකාවට එන්න වෙනවා. බොරුවට කියනවා ඔහුගේ ආරක්ෂාව ගැන හිතලයි කියලා. එහෙම් ප්‍රශ්නයක් නම් බ්‍රිතාන්‍යය රජයත් එක්ක ඒ ගැන සාකච්ඡා කරන්න ඕනේ.නමුත් මේ මොකද කළේ? දෙමළ ඊළාම් බෙදුම්වාදීන්ට හයිය තියෙනවා එකඟ නොවන නිලධාරින් තානාපති කාර්යාල වල ඉන්නවා නම් ඔවුන්ව ආපහු කොළඹට හරවලා එවන්න.”

සිංහලේ අපි සංවිධානයේ සභාපති, පූජ්‍ය ජබුරේගම චන්දරතන හිමි

“සම්පූර්ණයෙන්ම දෙමළ ඩයස් පෝරාව කරන විරෝධතා සැළකිල්ලට අරගෙන තමයි මේ බ්‍රිගේඩියර් වරයා අද වනව්ට ලංකාවට කැද්වීමට කටයුතු සම්පාදනය කර තිබෙන්නේ. මැතිවරණය ඉලක්ක කරගෙන එතුමාව සේවයේ තවුරු කිරීමත්, මැතිවරණයෙන් පසුව නැවත මේ ආකාරයේ ක්‍රියාමාර්ග අරගෙන එතුමාගේ සේවය හෑල්ලුවට පත් කිරීමත්, සමස්ථ රණවිරුවාවම හෑල්ලුවට පත් කිරීමක් විදියට තමයි අපි දකින්නේ.”

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල,

“බ්‍රිගේඩියර් වරයෙක් කැඳවන්නේ ඇයි කියලා ඇහුවම කියනවා, මේක විනය පරීක්ෂණයක් නෙවෙයි. නමුත් එතුමාට විරුද්ධව කොටි සංවිධාන හිතෛෂීන් විරෝධතාවක් පළ කළා. එනිසා අතුමා ආරක්ෂිත ද, තවදුරටත් එතුමාට එහි රාජකාරි කළ හැකිද කියල පරීක්ෂා කර බලන්න එන්න කියන්නේ කිව්වා. මේ මානසිකත්වය තිබුණා නම් යුධ හමුදාවට යුද්ධ කාලේ, කොටින්ට හිබුණේ හමුදා කඳවුරු ගාවට ඇවිල්ලා උද්ඝෝෂණ කරන්න. එතකොට ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා, තවදුරටත් එතැන රාජකාරි කරන්න බෑ කියලා හමුදා කඳවුර ඉවත් කරගන්න තමා එතකොට වෙන්නේ. එහෙම උද්ඝෝෂණ කළා නම් 50ක් 60ක් උතුරේ හමුදා කඳවුරු සියල්ලම ඉවත් කරගන්න තිබුණා ඒ කාලේ මේවගේ මානසිකත්වයක් තිබුණ නම්.”