මහරගමින් මතුවු බඩල්ගමට මන්ත්‍රීන්ට කොළ එළියක්!

0

ස්වාධීන කණ්ඩායම් වලට තරග කර ජයගත් අපේක්ෂකයින් අදාළ බල ප්‍රදේශයේ තාවකාලික පදිංචිය අධිකරණය හමුවේ තහවුරු කිරීමට හැකිනම් ඔවුන්ගේ මන්ත්‍රී ධූරය සුරක්ෂිත බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසනවා.

ඊයේ(22) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“අද අපේ තේරීම්භාර නිළධාරීන්, එහෙම නැත්නම් නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරුන් ලිපි යැව්වට පස්සේ අපි ඉල්ලලා තියෙනවා ඒ දේශපාලන පක්ෂ වලින් ඔවුන් විසින් නම් කරන අයගේ නම් මාර්තු 2වෙනිදා හෝ ඊට පෙර දන්වන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඒ නම් ලැයිස්තුව 3වෙනිදා ගැසට් කරන්න. ඒ සභික ධූර කාලය 6වෙනිදා ආරම්භ වෙනවා. අනික් වැදගත් කරුණ, පක්ෂයේ ලේකම්ට තියෙනවා බලය අපේක්ෂකයින් නම් කිරීමට. ඡන්ද විමසීම් ප්‍රදේශය කියන්නේ පළාත් පාලන ආයතන. ඒකයම් දිස්ත්‍රික්කයක් ඇතුළේ තියෙනවා නම්, කොලිෆයිටඩ් ටූ ඩිස්ට්‍රික් කියල තියෙනව නම් සහ එයාට පදිංචිය තාවකාලිකයි කියලා ඔප්පු කරන්න පුළුවන් නම් එයා කොලිෆයි වෙනවා අපේක්ෂකයෙක් විදියට. පදිංචිය ඔප්පු කරන්න ඕනේ ඉලෙක්ෂන් කමිශන් එකෙන් නෙවෙයි. ඒක ඕන කෙනෙකුට නිසි බලය සහිත අධිකරණයකින් වෙන්න ඕනේ. ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයකුටවත් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් කරන්න බෑ. කණ්ඩායම් නායකයාට තියෙන්නේ පත් කරන්න විතරයි. එහෙම අස් වෙන්නත් පුළුවන් ඕනෑම සභිකයෙක් ගැසට් කරලා දිවුරුම් දුන්නට පස්සේ.”