සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට දිලා…..නිදහස් අධ්‍යාපනය රකින්න පුළුවන්ද?

0

පසුගිය අවුරුදු කිහිපය පුරා මේ රටේ නිදහස් අධ්‍යාපනය ආදරය කරන කරන පිරිස ගෙන ගිය නොවතින අරගලයක් විය. එනම් මාලබේ සයිසම් ආයතන විසින් මුදලට ලබා දෙන වෛද්‍ය උපාධිය අහෝසි කරන ලෙසයි. අධ්‍යාපන අයිතිය මුදලට විකුණා දැමීම නතර කළ යුතු බව සයිටම් විරුද්ධ පිළේ තර්කය වූ අතර රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුළු වීමට නොහැකි දක්ෂ දරුවන්ටගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කළ යුතු බව සයිටම් පක්ෂ පිලේ අදහස විය.

කෙසේ වෙතත් සයිටම් ආයතනයට විරුද්ධ නොවතින අරගලයේ ප්‍රතිඵලයේ වශයෙන් එයට විසදුම් සෙවීමට විවිධ කමිටු, යෝජනා ඉදිරිපත් වූ අතර අවසානයේ තීරණය වුණේ සයිටම් ආයතනය අහෝසි කිරීමටයි. නමුත් තවමත් එම තීරණය නිත්‍යානුකූල වශයෙන් රජය පාර්ශවයෙන් ඉදිරිපත් නොවු අතර අවසානයේ මෙතෙක් සයිටම් ආයතනයේ ඉගන ගත් ශිෂ්‍යයන් පිරිස සුදුසුකම් පරීක්ෂා කොට කොතලාවල ආරක්ෂකවිශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයට ඇතුළත් කිරීමට ආණ්ඩුව තීරණය කළා. මේ සම්බන්ධයෙන් සුබවාදි පිළිගැනීමක සයිටම් විරෝධි කඳවුරෙන් ඉදිරිපත් වුවත් නීත්‍යානුකූල ව සයිටම් අහෝසි කොට නිදහස් අධ්‍යාපනය මුදලට විකිණීම නතර කරන තුරු තම අරගමල නොනවත බවයි ඔවුන් සඳහන් කළේ.

සයිටම් විරෝධි කදවුරේ ප්‍රධාන පාර්ශවයක් වන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඊයේ (22) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් මේ පිළිබඳව අදහස් පළ කළා.

රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමයේ ලේකම්-වෛද්‍ය හරිත අලුත්ගේ ,
“මේ තීන්දුව සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාට අපේ ප්‍රසාදය පළ කරනවා. කවුරුහරි හිතනවා නම් දැන් ජී.එම්.ඕ. එක ජයග්‍රහණය සමරනවා කියලා එහෙම එකක් නෑ. මේ ප්‍රතිපත්තිය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ රජය පැත්තෙන් ප්‍රකාශයට පත්කළ යුතුයි. ඇත්ත්ටම මේ තීන්දුව මීට ගොඩාක් කළින් ගන්න තිබුණා. ”

“රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විදියට පි කියනවා තවමත් සටන ඉවර නෑ. කෑල්ලක් විතරයි ඉවර. අපි කිව්වා විකල්ප තියෙන්න පුළුවන් කියලා. ඒ විකලප් කෙරෙහිත් අවධානය යොමු කරලා මේ ප්‍රයෝගික විසදුම වඩාත් යථාර්ථවත් කරන්න පුළුවන්. ඒක රජය පැත්තෙන් වෙන්න ඕන. මීට සමාන්තර සයිටම් අහෝසි කිරීමේ ගැසට් එක නිකුත් කරන්න ඕන. කොන් ඉතුරු කරලා මේ සටන ඉවර කරන්න කවුරු හරි හිතනවා නම් මේ සටනේ අවසානය නෙමෙයි.”

එසේම වෛද්‍ය පීඨ දෙමාපියන්ගේ සංගමය ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා.

රජයේ වෛද්‍ය පීඨ දෙමාපියන්ගේ සංගමය-විධායක කමිටු සාමාජික වසන්ත අල්විස්,
“අතිගරු ජනාධිපතිතුමා උත්සාහවන්ත වෙලා කොහොමහරි ඒ තැනට තල්ලු වෙල තියෙනවා. අපි ඒක බොහොම සාධනීය ලක්ෂණයක් විදියට පිළි ගන්නවා. සයිටම් එක අහෝසි කිරීමේ ගැසට් නිවේදන මේ වනතුරුත් නිකුත් කරල නෑ.අපි රජයට කියනවා කරුණාකර මේ ගැසට් නිවේදනයත් වහාම් ප්‍රකාශයට පත් කරන්න.”

මේ අතර අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරන්නේ සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුලත් කිරීමේ තීරණය කෙසේ හෝ මෙම අර්බුදය විසදීමට ගත් තීරණයක් ලෙස හැගෙන බවත් එම තීරණයට එකඟ වීමට හැකියාවක් නොමැති බවයි.

අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ,
“ඉල්ලීම් ඉල්ලුවා ඒවට පහුගිය කාලයේ පයින් ගැහුවා. සතපහකට ගනන් ගත්තේ නෑ. ජනතාව දුන්නා හොඳ උත්තරයක්. ඊට පස්සේ ඔන්න රත් වෙලා. ජනාධිපතිවරයා තීරණය කරලා තියනවා කොහොම හරි මේ ප්‍රශ්නය විසදන්න. කොහොම හරි මේ ප්‍රශ්නය විසදන්න බෑ. අධ්‍යාපනය කියන්නේ අයිතියක්. ඒක වෙළඳ භාණ්ඩයක් කරන්න දෙන්න බෑ. ඒ මතයේ ඉදගෙන තමයි සයිටම් ආයතනය අහෝසි කරන්න කියලා කිව්වේ. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයක් වුනාට උපාධි ලක්ෂ ගාණට විකුණනවා. අධ්‍යපනායි විකිණීම කියන එක කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට දැම්මා කියලා වෙනස් වෙන්නේ නෑ. විසදුම තමයි සයිටම් ආයතනයේ සිසුන් රජයේ වෛද්‍ය පීඨයකට ඇතුලත් කර ගන්න එකයි. පොරොන්දු ඉෂ්ට කළේ නැත්නම් බිම තියපු ආයුධ නැවත අතට ගන්න ලෑස්තියි.”