මතට තිත තබා දුප්පත්කමට තිත තබමු!

0

ලංකාවේ බහුතරයක් පවුල් පීඩනයට පත් කරන දුගී බවට හේතුව වන්නේ මත් ද්‍රව්‍ය භාවිතය බවත් එම නිසා ම මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීමට කටයුතු කළ් යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවති “ගම හදාගමු” ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
“මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගෙනගිය මේ වැඩසටහන් තුළ මේ වනවිට ජාතික වශයෙන් ප්‍රතිඵල රාශියක් ලබාගෙන තිබෙනවා. ඒ ප්‍රතිඵල තොරතුරු සහ දත්ත පදනම් කරගෙන කතා කලොත් ඉතා පැහැදිලිව පෙන්වන සාක්ෂිය තමයි දුම් පානය අපේ රටේ පසුගිය අවුරුදු කිහිපය තුළ අඩු වෙලා තිබෙනවා. එය මේ රටේ ජනතාව ලැබූ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණයක්. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් තමන්ගේ ජීවිතයට ආදරය කරන්නේ නෑ කිසිසේත්ම. ඔහු සැම විටම දන්නවා මේ තුළ ඇතිවෙන ව්‍යසනය.මරණය කොතෙක් ඉක්මන් වෙනවාද කියන කාරණය. ලෙඩ රෝග කොතෙක් ඇති වෙනවාද කියන කාරණය. පවුලේ ආර්ථිකය කොතරම් කඩා හැලෙනවාද කියන කාරණය. අපේ රටේ දුගී භාවය පිළිබඳ ප්‍රශ්නයේදී මූලික වශයෙන් අපේ රටේ මත්ද්‍රව්‍ය වැඩිපුරම් පාවිච්චි කරන්නේ අඩු ආදායම්ලාභී පවුල් වල දුප්පත් ජනතාව.ඒ අඩු ආදායම්ලාභී පවුල් වල තිබෙන ආදායම විනාශ වෙන්නේ මත්ද්‍රව්‍ය නිසා. ඒ නිසා තමා දුප්පත්කම වර්ධනය වෙන්නේ. මේක අපේ රටේ දුගී භාවය ගැන කතා කරන විට ප්‍රධානතම ප්‍රශ්නයක්. ඒ නිසාම මේ උවදුර ඉවත් කිරීමට මතින් නිදහස් රටක් වැඩසටහන, මේ ජාතික සංකල්පය ඔබ අප සෑම කෙනෙක්ම ක්‍රියාත්මක කිරීමට එක්විය යුතුයි.”  ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.
Maithripala Sirisena