ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ – හමුදාපති

0

දියතලාව බසයකදී පුපුරා ගියේ සජීවී අත්බෝම්බයක් බව පැහැදිළි බවත්, ඒ සම්බන්ධයෙන් මේවනවිට පරීක්ෂණයක් පැවැත්වෙන බවත් යුද හමුදාපති මහේෂ් සේනානයක පවසයි. අද (24) වව්නියාවේ දී වන්නි ආරක්ෂක සේනා 56 වැනි සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්තාවට එක් වෙමින් හමුදාපතිවරයා සදහන් කළේ එවැනි සිදුවීම් මගින් රටේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බවයි.

“රටේ ජනතාව කලබල විය යුතු නැහැ. එය අවාසනාවන්ත සිදුවීමක්. ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් තිබෙන බවට කරන බොරු ප්‍රචාර වලට රැවටෙන්නට අවශ්‍ය නැහැ. එහෙම දෙයක් තියෙනවානම් ශ්‍රී ලංකා හමුදා ඒකට වග කියනවා. ඒ ශක්තිය අපට තියෙනව. එහෙම දෙයක් මේ රටේ ඇති වෙන්නෙ නැහැ.”

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තේ එම නිලධාරියාගේ ආරක්ෂාව වෙනුවෙන් බවද හමුදාපති මහේෂ් සේනානයක සදහන් කර සිටියා.