බැදුම්කරේ කාගේ කරේ…..අගමැතිට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ කාගේ පොලිසියද…..?

0

ආණ්ඩුවේ සිටින කොන්ද පණ තියන මැති ඇමතිවරුන්ට ආණ්ඩුවේන් ඉවත් වී මේ රටේ ජනතාව සමග එකට අත්වැල් බැද ගැනීමට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසනවා.

අද (25) කැස්බෑව ප්‍රදේශයේ පැවති ජන හමුවකදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා ප්‍රශ්න කරසිටියේ නීතිය හා සාමය අමාත්‍යධූරය අගමැතිවරයා යටතට පත් වූ විට බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රශ්න කරන පොලිසිය සිටින්නේ කා යටතේද යන්න යි.

“පුංචි ඡන්දයෙන් ලොකු වැඩ කරන්න බෑ කියලා කියපු අයට මේ රටේ පොදු ජනතාව කරලා පෙන්නුවා පුංචි ඡන්දයෙන් කොච්චර ලොකු වැඩ කරන්න පුළුවන්ද කියලා. ඡන්දෙට කලින් ජනාධිපති සිරිසේන කිව්වා මට මේ හොරුත් එක්ක මේ රට පාලනය කරන්න බෑ. හොරු නැති ආණ්ඩුවක් හදනවා කියනවා. ඔන්න හදනවා හොරු නැති ආණ්ඩුවක්. අගමැති වික්‍රමසිංහ යටතට නීතිය හා සාමය ගියාම අගමැති අත්තඩංගුවට ගන්න පොලිසිය කා යටතේද තියෙන්නේ. අගමැති වික්‍රමසිංහගෙන් කට උත්තර ගන්න පොලිසිය කා යටතේ ද තියෙන්නේ. බැදුම්කර ගණුදෙණුව සම්බන්ධයෙන් සම්බන්ධ මැති ඇමතිවරුන්ට එරෙහිව කටයුතු කරන්නේ මොන පොලිසිය ද? අපි ආරාධනා කරනවා ආණ්ඩුවේ ඉන්න කොන්ද පන තියන මැති ඇමතිවරුන්ට ඕකෙන් එළියට ඇවිල්ලා. මේ රටේ ජනතාව ඉල්ලන නව පාලන ක්‍රමය නිර්මාණය කරන්න උපකාර කරන්න කියලා උන්නැහැලාට.”මන්ත්‍රිවරයා පවසා සිටියා.

Wimal Weerawansa