නීතිය හා සාමය රනිල්ට දිම තරයේ හෙලා දකිනවා

0

නීතිය හා සාමය පිළිබද කැබිනටි අමාත්‍යධුරය අග‍්‍රාමාත්‍යවරයාට ලබා දිම තරයේ හෙලා දකින බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික්සංවිධායක පෙරියසාමි ප‍්‍රදිපන් පවසනවා.

පෙරියසාමි ප‍්‍රදිපන් මහතා ඒ බැවි කියා සිටියේ හැටන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අද (26.02) පැවති මාධ්‍ය හමුවකදිය.

මෙම මාධ්‍ය හමුෙවිදි වැඩි දුරටත් අදහස් දැක්වු පෙරියසාමි ප‍්‍රදිපන් මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණයේදි රෙටි ජනතාවගේ ජන්ද බලය අභිබවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු කැබිනටි අමාත්‍යධූර ලබා දිමද හෙලා දකින බවයි.

රටේ ජනතාව බලාපොරොත්තු වුයේ එක්සත් ජාතික පක්ෂයේ දුෂීතයන් පලවා හැර පිරිසිදු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ තනි රජයක් පිහිටු විමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරන බවටය.එම බලාපොරොත්තු ඉෂ්ට නොකර එක්සත් ජාතික පක්ෂයට ලබා දුන් කැබිනටි අමාත්‍යධුරමෙන් ජනාධිපතිතුමා එක්සත් ජානතා නිදහස් සන්ධානයේ කිසිදු මන්ත්‍රිවරයෙක් කැබිනටි අමාත්‍යධුර ලබා නොදිය යුතු බවද පෙරියසාමි ප‍්‍රදිපන් කියා සිටියි.

තවද මේ රටේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දුෂණ වංචා සමිබන්ධයෙන් නිතිමය පියවර ගන්නා බව පැවසු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහට නීතිය හා සාමය පිළිබද අමාත්‍යධුර ලබා දිමෙන් රටේ ජනතාවට හැගි යන්නේ එම දුෂණ වංචා සිදුකළ අය නීතිය හමුවට ගෙන ඒම වෙනුවට අග‍්‍රාමාත්‍යවරයා ඔහුන් රැක ගැනිමට සිය අමාත්‍යධුරයේ බලතල පාවිචිචි කරන බවට යනුවෙනි.

ශ්‍රි ලංකා නිදහස් පාක්‍ෂීකයන්ගෙන් සමන්විත තනි ආණ්ඩුවක් මේ රට තුල ස්ථාපනය කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන බවට රෙටි ජනතාව තුල තවදුරටත් විශ්වාසය ඇති බවද පෙරියසාමි ප‍්‍රදිපන් වැඩි දුරටත් කියා සිටියා.

රංජිත් රාජපක්ෂ – හැටන්