අගමැතිට එරෙහි විශ්වාසභංගයට ඒකාබද්ධයේ පූර්ණ සහය…..!

0

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට සහය පලකරන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි සී බී රත්නායක පවසා සිටිනවා.

ඊයේ (27) පැවති මාධ්‍ය සාකච්ඡාවකදි ඒ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට මේ රටේ අග ඇමති. ඒ අග ඇමතිට දැන් විශ්වාසභංග යෝජනාවක් ගේන්න ලෑස්ති කරලා. මේ කාරණය අපි ගේන්න සූදානම් වුනත් ඒක කලින් ගේනවා කිව්වාම අපි 53 දෙනාම අත උස්සලා ඒ සඳහා දායකත්වය දෙනවා කියන කාරණය විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන.” මන්ත්‍රිවරයා සඳහන් කර සිටියා.