මට නාමික තනතුරක් දීලා දැන් වගකීම මගේ ඇගේ ගහනවා….පක්ෂ ලේකම්ගේ අඳ බාල වැඩ නිසයි පක්ෂේ පැරදුනේ…. – සුසිල් – දුමින්ද එළිපිට ගැටේ!

2

පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ජනාධිපතිවරයා නියෝජනය කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට බොහෝ දිස්ත්‍රික් වලදි පොදුජන පෙරමුණට හා එක්සත් ජාතික පක්ෂයට සාපේක්ෂව ඡන්ද හිමි වූයේ නෑ. සරලව ගතහොත් නිදහස් පක්ෂය බහුතර දිස්ත්‍රික්ක සංඛ්‍යාවක් පරාජයට පත් වුණා.

මැතිවරණය අවසන් වී සති කිහිපයක් නිහඩව සිටි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණය මෙහෙයවූ කණ්ඩායම් මේ වනවිට එම පරාජයේ වගකීම එළිපිට එකිනෙකාට පටවමින් සිටිනවා.

පෙරේදා (26) වෙනිදා පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදි නිදහස් පක්ෂයේ මහලේකම් දුම්න්ද දිසානායක අමාත්‍යවරයා පවසා සිටියේ ලේකම් තනතුරට පක්ෂයේ පරාජයේ වගකීම බාර ගැනීමට සුදානම් වුවත් මැතිවරණ මෙහෙයුමේ නායකත්වය ගනු ලැබුවේ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා බැවින් පරාජයේ වගකීම ඔහුත් බාර ගත යුතු බවයි.

ඒ අනුව දුම්න්ද අමාත්‍යවරයාගේ චෝදනාවලට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙසේ ප්‍රතිචාර දක්වා සිටියා. එහිදි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අදාළ වගකීම් ලබා දුන්නේ නාමිකව බවත් ය.

“මැතිවරණයේ නාමයෝජනා දීලා තමයි කමිටු කිහිපයක් පත් කරලා ඒ අයට වගකීම් පැවරුවේ. හැබැයි මම මේ ජාතික සංවිධායක තනතුරේ සිටියාට ඕකේ නාමිකව තමයි හිටියේ. මැතිවරණ කමිටුවට කොළඹ ඉන්න නිසා උදව් වෙන්න කියලා කිව්වා. ඊට පස්සේ මම කණ්ඩායමක් යොදවලා යම් සම්බන්ධීකරණ වැඩ කොටසක් කළා. නමුත් මැතිවරණයක් දිනන්න බෑ නාමයෝජනා බාර දීලා ඒ වැඩ පටන් ගන්න.”

“මම සන්ධාන ලේකම් හැටියට මැතිවරණ 12 කට වඩා මැතිවරණ මෙහෙයුම් කරලා තියනවා. ඒ 12 න් පැරදුනේ පසුගිය ජනාධිපතිවරණය විතරයි. ඒ නිසා දේශපාලන පරිනත බවකින් තොරව විවිධ ප්‍රකාශ කරලා පහුගිය අවුරුදු දෙකාමාර තුළ වගකීම් දරාගෙන හිටි අය තමයි මේ අවසන් ප්‍රතිඵලයට වගකියන්න ඕන. ඊට වඩා මේ ප්‍රතිඵලය විග්‍රහ කරගෙන කතා කරන එක මීට හොදයි. මම මීට වඩා කතා කරන්නේ නෑ, මොකද මේ අයට කිව්වාට තේරෙන්නේ නෑ.” ප්‍රේමජයන්ත සඳහන් කර සිටියා.

 

 

2 COMMENTS

  1. Greetings! I know this is kinda off topic however , I’d figured I’d ask.

    Would you be interested in exchanging links or maybe guest authoring a blog post or vice-versa?

    My website addresses a lot of the same subjects as yours and I believe we could greatly benefit from each other.

    If you might be interested feel free to shoot me an email.

    I look forward to hearing from you! Superb blog by the way!

Comments are closed.