ඉදිරි මැතිවරණ සංශෝධනයකදී නීති ප්‍රතිපත්ති සම්පාදනයකයින්ගේ අවධානය ලක්විය යුතු කරුණු

0

මෙවර ඡන්ද විමසීම තුළ අදාල පළාත් පාලන බල ප්‍රදේශයෙන් පිට සිටින පිරිස් සහ දේශපාලනය පිළිබඳ කිසිදු අවබෝධයකින් තොර පිරිස් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කිරීමත් ඡන්දදායකයා දැන හෝ නොදැන ඔවුන් ජයග්‍රහණ කරවීමත් දැකිය හැකි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි ඉදිරි මැතිවරණ සංශෝධනයකදී නීති ප්‍රතිපත්ති සම්පාදනයකයින්ගේ අවධානය ලක්විය යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් නිකුත් කල නිවේදනයේ දක්වා තිබේ.

තනි දේශපාලන පක්ෂය බහුතරය ලබා නොගැනීම හේතුවෙන් දුර්වල ආයතන ව්‍යුහයක් ඇතිවීම

1.තනි දේශපාලන පක්ෂයක් 50% කට වැඩි සභික ධූර ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ පළාත් පාලන ආයතන 138 පමණි. එබැවින් කිසිදු කණ්ඩායමකගේ සහයකින් තොරව සභා පිහිටුවා ගැනීමට හැක්කේ එම පළාත් පාලන ආයතන 138 පමණි. එනම් මුලු පළාත් පාලන ආයතන වලින් 40% පමණි.

2.පළාත් පාලන ආයතන 34 ක, තනි පක්ෂයක් සභික ප්‍රමාණයෙන් 50% ක් ලබාගෙන ඇති අතර ඔවුනටද බාහිර සහයකින් තොරව සභා පිහිටුවිය නොහැක.

3.පළාත් පාලන ආයතන 170 ක සියලුම දේශපාලන පක්ෂයක්ම 50% කට අඩුවෙන් සභික ධූර හිමිකරගෙන ඇත.එම ආයතන වල බලය කුමන කණ්ඩායමක් පිහිට වූවද ජාතික දේශපාලන චලනයන් සමග වෙනස් විය හැක. එනම් පළාත් පාලන ආයතන වලින් 50% සන්ධනාගත වීම අනිවාර්ය වනු ඇත.

4. වව්නියා, මන්නාරම, මුලතිව් හා පොළොන්නරුව දිස්ත්‍රික්ක වල එකම සභාවක හෝ තනි පක්ෂයකට බලය පිහිටුවිය නොහැක.

කිසිදු දේශපාලන පක්ෂයක් බහුතරයක් ලබානොගෙන සියලුදෙනාගේ සහභාගීත්වයෙන් සම්මුතියෙන් පාලනය වීම යහපත් දේශපාලන ලක්ෂණයක් වුවද ප්‍රායෝගිකව ප්‍රාදේශිය දේශපාලනයේදී ජනතාවගේ කඩිනම් අවශ්‍යතා සපිරීමට මෙම තත්වය බාධාවක් විය හැක. එබැවින් කෙටිකාලීනව මෙම තත්වය මගහරවා ගැනීම සඳහා ජාතික දේශපාලන නායකයින් තමන්ගේ කඳවුරු පිළිබඳ තීන්දුවකට කඩිනමින් පැමිණිය යුතුය. එසේ නොවුනහොත් සමහර පළාත් පාලන ආයතන වල සභාපතිවරු, නගරාධිපතිවරු පත් කිරීම අසීරු වනු ඇත. එමෙන්ම පසුව ඇතිවන ජාතික දේශපාලන චලනයන් මත බොහෝ ආයතන වල බලය වරින් වර වෙනස් විය හැක.

දිගුකාලීනව මෙම තත්වය මග හරවා ගැනීම සඳහා බෝනස් ආසන පිළිබඳව, සහ අවම ඡන්ද ප්‍රමාණ පිළිබඳව (cutout point) පිළිබඳව නැවත අවධානය යොමුකල යුතුව ඇත. එය ප්‍රජාතන්ත්‍රවාදීව යම් ගැටන්‍දාකාරී තත්වයක් වුවද ඒ සම්බන්ධයෙන් ගතහැකි විකල්ප පිළිබඳ අවධානය යොමු කල යුතුය.

එල්ලන මන්ත්‍රීධූර හෙවත් Overhang නැති කර ගැනීම

මෙවර පළාත් පාලන ආයතන ඡුන්ද විමසීමේදී එල්ලන මන්ත්‍රී ධූර ප්‍රමාණය 366 ක් වී ඇත. එනම් එය මුලු සභික ප්‍රමාණයෙන් 4% වැඩිවීමකි. එමෙන්ම පළාත් පාලන ආයතන 340 න් 196 ක්ම එනම් 57% ක් එල්ලන සභික ධූර හෙවත් ධඩැරය්බට තත්වයක් උදාවී ඇත. (මහනගර සභා 12ක්, නගර සභා 20, සහ ප්‍රාදේශිය සභා 164)

එමෙන්ම මෙම තත්වය වැඩිපුරම බලපා ඇත්තේ ප්‍රාදේශිය සභාවලටය. ප්‍රාදේශිය සභා 276 කින් 164 එල්ලන සභිකයින් 299 පත්වී ඇත. එනම් ප්‍රාදේශීය සභා අතරින් 59% ම මෙම අතිරේක සභිකයින් පත්වී ඇත. කිසිදු අතිරේක සභිකයෙක් පත් නොවුනේ කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් පමණි.

බහු මන්ත්‍රී කොට්ඨාස ඇති සෑම ස්ථානයකම මෙම තත්වය ඇති විය හැකිය. මක්නිසාදයත් ජයග්‍රහණය කරන පක්ෂයේ ඡන්ද ප්‍රමාණයේ වැඩි වීමකින් තොරව එම පක්ෂයට අතිරේක එක් සභිකයෙක් හෝ දෙදෙනෙකු එකතු වන බැවිනි. එය බහු මන්ත්‍රී කොට්ඨාස නිසාම පමණක් ඇති වන තත්වයක්ද නොවේ.

මෙවර ඡන්ද විමසීමේදී දෙදෙනෙකු සහිත බහු කොට්ඨාශ 165 සහ තිදෙනෙකු සහික බහු කොට්ඨාශ 4ක් ක්‍රියාත්මක වූ අතර එමගින් වැඩිවිය හැකි උපරිම ප්‍රමාණය 173 කි. එහෙත් මෙවර අතිරේක සභිකයින් 366 පත්වී ඇත. එනම් 192 දෙදෙනෙක් වන බහුතරය පත් වී ඇත්තේ බහු සභික කොට්ඨාශ හේතුවෙන් නොවේ. මෙයට හේතුවී ඇත්තේ අපගේ මැතිවරණ ක්‍රමය කොට්ඨාශ පදනම් කරගත් සමානුපාතික ක්‍රමයක් වීම නිසාවෙනි. මෙම ක්‍රමය තුළ සභික ධූර ප්‍රමාණය පක්ෂ අතර බෙදාදීම 100% පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රමාණයට සමානුපාතික වූවද එම පත්කිරීමෙන් අනතුරුව එම සමානුපාතික බව නැතිවී යයි. මෙම තත්වය බරපතල වනුයේ එක පක්ෂයක් හෝ කණ්ඩායමක් ඉතා සමීප තරගයකින් කොට්ඨාශ සියල්ල ජයග්‍රහණය කල විටය. එනම් ඔවුන් ඡන්ද ප්‍රමාණ විශාල වැඩිවීමකින් තොරව කොට්ඨාශ ජයග්‍රහණ කිරීම හේතුවෙනි.

මෙම එල්ලන සභික ධුර ප්‍රමාණ මග හරවා ගැනීම සඳහා ගතහැකි එක ක්‍රමයක් වනුයේ සියලුම සභිකධූර සමානුපාතික ක්‍රමයට තෝරා ගැනීම වෙනුවට 60% කොට්ඨාශ ප්‍රමාණ සඳහා වෙනම සභිකයින් පත් කිරීමත් එම ඡන්ද ප්‍රමාණයට සැලකිල්ලට ගෙන ඉතිරි 40% අදාල සභික ප්‍රමාණ ඒ ඒ දේශපාලන පක්ෂ අතර බෙදා දීමත්ය. එමගින් ඡන්ද දායකයාගේ කොට්ඨාශ මට්ටමේ තෝරා ගැනීම, එසේම තබාගනිමින් ඉතිරි 40% සමානුපාතිකව බෙදා දිය හැකිය.

ඡන්දදායකයන් නොමග යවන පක්ෂ, කණ්ඩායම් හා අපේක්ෂකයන්

මෙවර ඡන්ද විමසීම තුළ අදාල පළාත් පාලන බල ප්‍රදේශයෙන් පිට සිටින පිරිස් සහ දේශපාලනය පිළිබඳ කිසිදු අවබෝධයකින් තොර පිරිස් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කිරීමත් ඡන්දදායකයා දැන හෝ නොදැන ඔවුන් ජයග්‍රහණ කරවීමත් දැකිය හැකි විය. නවක්‍රමය හඳුන්වා දීමේ එක් අරමුණක් වුයේ කොට්ඨාශයට වගකියන මහජන නියෝජිතයෙකු පත් කිරීමය. එහෙත් එම උත්සහය මෙම ප්‍රතිඵලය දෙස බැලීමේදී අසාර්ථක වී ඇත.

මෙම තත්වයට දේශපාලන පක්ෂ වල නායකත්වය හා ස්වාධීන කණ්ඩායම් වල නායකයන් ඍජුවම වගකිව යුතුව ඇත. ඔවුන් දැන දැනම ඡුන්ද දායකයා නොමග යවා ඇත. එබැවින් අනාගතයේ මෙම තත්වය වැලැක්වීම සඳහා අපේක්ෂකයා එම කොට්ඨාශයේම පදිංචි කරුවෙකු විය යුතු බවට නීති සම්පාදනය විය යුතු අතර ඒ බව සහතික කිරීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකය නාමයෝජනා ලබාදීමේදී අනිවාර්ය කල යුතුය. එමෙන්ම සමහර අපේක්ෂකයන් තමා ජයග්‍රහණය කිරීමෙන් පසු ඉවත්වී තම පවුලේ හෝ වෙනත් ප්‍රාදේශිය ජනප්‍රිය දේශපාලන නායකයෙකුට තම සභික ධූරය ලබාදෙන බව ප්‍රකාශ කරමින් ප්‍රචාරණ කටයුතු සිදු කරමින් ඡුන්දදායකයා නොමග යවමින් ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීමට උත්සහ කිරීම් වාර්තා විය. මෙම තත්වය වලක්වා ගැනීම සඳහා එවැනි නොමග යැවීම් කරන අපේක්ෂකයන්ගේ අපේක්ෂකත්වය’සභිකත්වය අහිමි කිරීම සඳහා නීති සකස් විය යුතුව ඇත.

ඡන්දදායකයාගේ වර්ණය අහිමි වීම හා අපේක්ෂකයා අසරණ කිරීම, පක්ෂ අභ්‍යන්තර ගැටන්‍දා නිර්මාණය වීම

නව ක‍්‍රමයත් සමග ඡන්දදායකයාට තිබු වර්ණය අහිමි වු අතර පක්ෂයට ලබා දෙන ඡුන්දය හරහා පක්ෂ මගින් ඉදිරිපත් කළ ඕනෑම පුද්ගලයෙකුට ජයග‍්‍රහණය ලබා ගත හැකි වනු ඇත. එය මෙවර ප‍්‍රතිථල වලින් සනාථ වී ඇත. දශක ගණනාවක් ජනතාවට සේවය කළ ජනතාවාදී පුද්ගලයන් මෙවර පරාජය වී ඇති අතර සමාජය පොදුවේ ප‍්‍රතික්ෂේප කරන පුද්ගලයන් තේරිපත් වී ඇත. මේ සදහා අඩුම තරමින් පක්ෂ අපේක්ෂකයින් තේරිම සදහා විනිවිදභාවයක් සහිත නිර්ණායකයක් සකස් කළයුතු අතර අපේක්ෂකයන්ට පොලිස් සහතික අනිවාර්යය කළ යුතුව ඇත. එය නිතිගත කිරිම අපහසු නම් දේශපාලන පක්ෂ සම්ප‍්‍රදායක් ලෙස හෝ කළ යුතුව ඇත.

එමෙන්ම මෙවර මැතිවරණයේදී අපේක්ෂකත්වය අපේක්ෂා කළ පුද්ගලයන්ට ආසන සංවිධායකවරු ඉදිරියේ බැගෑපත් වීමට සිදු වූ බවත් කාන්තාවන් අපේක්ෂකත්වය ලබාගැනීමේදී ලිංගික අල්ලස් ඉල්ලූ බවටද චෝදනා එල්ල විය. ඡන්ද විමසීමෙන් අනතුරුව මෙම තත්වය බරපතල වී ඇත. සමානුපාතික ක්‍රමයට පත්වන සභිකයන් තීරණය කිරීම, සඳහා ප්‍රායෝගිකව ආසන සංවිධායකවරුන්ගේ අභිමතයට විශාල ඉඩක් හිමි වී ඇති බැවින් ආසන සංවිධායකවරුන් ඉදිරියේ ප්‍රාදේශිය දේශපලනඥයින් අසරණ වී ඇත. එමෙන්ම සභාපති,නගරාධිපති වැනි තනතුරු දීමේදීද ජ්‍යෙෂ්ඨත්වය, දැනුම, නිර්මාණශීලී භාවය හෝ නොසලකා දූෂණ චෝදනා ලැබූවන්ට පවා ප්‍රධාන තනතුරු ලබාදීමට ආසන සංවිධායකවරුන් කටයුතු කෙරන බව වාර්තා වේ. එබැවින් ඒ සඳහාද නිසි ඇගයීම් ක්‍රමවේදයක් හරහා තෝරාගැනීමට පොදුවේ සියන්‍දා පක්ෂ කිසියම් ක්‍රමවේදයක් සැකසිය යුතුය. නොඑසේ නම් මහජන මතය හෑල්ලූ වීමක් වන අතර ආසන සංවිධායකවරයා හා ප්‍රාදේශිය දේශපාලන නායකයන් අතර ගැටන්‍දා වර්ධනය වී පක්ෂ යාන්ත්‍රණය බිඳවැටෙනු ඇත.

වියදම් සීමා කිරීම

මෙවර මැතිවරණය සාපේක්ෂව ප‍්‍රචන්ඩත්වය අඩු, රාජ්‍ය බලය භාවිතා වීම අවම මට්ටමක පැවති නීති උල්ලංඝනය වීම අවම මට්ටමක පැවතී මැතිවරණයක් වුවද අපේක්ෂකයන් හා දේශපාලන පක්ෂ ඡන්ද දායකයන්ට භෞතික හා මානසික අල්ලස් ලබා දීම බහුලව දැකිය හැකි මැතිවරණයක් විය. මෙය මහන මැෂිමේ සිට ගෘහ උපකරණ දක්වාත්, කෘෂි උපකරණ වල සිට ණය සහ සහනාධාර දක්වාත්, එසේම රැකියා ලබාදීම්, විදුලි බිල්, ජල බිල් ගෙවීම් ඇතුන්‍දා පුන්‍දාල් පරාසයක ක‍්‍රියාත්මක විය. මෙම තත්වය කොට්ඨාශ ක‍්‍රමයකදී ඡන්දදායකයාට සෘජු බලපෑමක් හා අපේක්ෂකයාට සෘජු ලෙස වාසි ගෙන දෙන තත්වයකි. එම නිසා ඉදිරි මැතිවරණයකට පෙර දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන්ට මැතිවරණයකදී කළ හැකි වියදම් සදහා උපරිම සීමා ඇතුලත් වන සේ නීති පැනවිය යුතුය.

අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමු

මේ වන විට පළාත් සභා 3 ක නිල කාලය අවසන් වී ඇති අතර නව මැතිවරණ ක්‍රමයක් පළාත් සභා සඳහාද හඳුන්වා දී ඇත. එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනයන් පිළිබඳවද දීර්ඝ සාකච්ඡා වට ගණනාවක් අවසන් වී ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණයද ඉදිරි වසර 2 1/2 ක් තුල පැවැත්වීමට නියමිතය. එබැවින් අපගේ නීති සම්පාදකයින් ප්‍රතිපත්ති සම්පාදකයින් පසුගිය මැතිවරණයේ, පැවති නීතිමය දුර්වලතා, ප්‍රායෝගික ගැටලු, ව්‍යූහාත්මක ගැටළු, දේශපාලන ස්ථාවරභාවය බලපාන්නාවූ ගැටලු සහ විශේෂයෙන් ජනතාවගේ සැබෑ අභිලාශය ආරක්ෂා වන ආකාරයේ මැතිවරණ ක්‍රමයක් පිළිබඳව කඩිනමින් සංවාදයක් ආරම්භ කළ යුතුය. එය පාර්ලිමේන්තුව තුළත්, ජනමාධ්‍ය තුළත්, සිවිල් සමාජය හා විශ්ව විද්‍යාල ප්‍රජාව මෙන්ම මැතිවරණ වෘත්තිකයන් තුළත් ඇති විය යුතුය. අප ඊළග මැතිවරණයට යායුත්තේ එවැනි විධිමත් සංශෝධනයන් වලින් පසුව වන අතර එහෙත් එ යමැතිවරණ කල් දැමීම සඳහා අවියක් නොවනසේ කාල රාමුවක් තුළ කළ යුතුය.

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂක
පැෆ්රල් සංවිධානය
Email – [email protected]