ආණ්ඩුවේ කොච්චර කල් ඉදියිද දන්නේ නෑ….තවත් අපේ ඡන්ද පොහොට්ටුවට යන්න දෙන්න බෑ

0

යහපාලන රජය කෙතරම් ඉදිරියට යනවාද යන්න පිළිබඳව පැහැදිළි නිගමනයකට එළඹීමට නොහැකි බව අමාත්‍ය එස් බී දිසානායක පවසා සිටියා.

අද (02) මහනුවරදි පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“යහපාලන රජය කොයිතරම් දුරට ඉස්සරහට යනවාද කියන එකට පැහැදිළි නිගමනයක් නෑ. ඒ අතර සාකච්ඡා වෙනවා අපිත් එක්ක එක්සත් ජාතික පක්ෂේ අයත් කතා කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ අයත් කතා කරනවා. ආණ්ඩුව තුළ පොඩි වියවුල්කාරි බවක් තමයි තියෙන්නේ. හැබැයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විදියට අපිට ස්වාධින ආණ්ඩුවක අවශ්‍යතාවය දැඩි ලෙස තියනවා. ඒ වගේම අපේ පක්ෂය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයත් දැඩි ලෙස තියනවා. මේ මැතිවරණයත් එක්ක අපි දැක්කේ අපේ පක්ෂයේ ඡන්ද පොහොට්ටුවට තමයි ගියේ. ඉතින් ඒ ඡන්ද අපේ පක්ෂය තුළ තියා ගැනීමේ අවශ්‍යතාවයකුත් අපිට තියනවා.” අමාත්‍යවරයා පවසා සිටියා.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ආණ්ඩුව තුළ පවතින මතභේදාත්මක තත්ත්වය උඩ අමාත්‍ය මණ්ඩල සංශෝධනය තවදුරටත් කල් යාමට ඉඩ ඇති බවයි.

S. B. Dissanayake