මහින්ද අගමැති වනවාට අපිත් කැමතියි……!

0

පහුගිය මැතිවරණයේ දි සිදු වූ පාඩුව එකපාරට සිදු නොවූවක් බවත් සමහර විසඳිය හැකි ප්‍රශ්න විසඳීමට උත්සහ නොකිරීම නිසා එම පරාජය සිදු වූ බවත් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටිනවා.

ඊයේ(04) වීරකැටිය ප්‍රදේශයේ පැවති අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“අපිට ජයග්‍රහණ බොහොමයක් අත්කර ගන්න බැරිවුණා. මුළු රටේම ඡන්දය අපි දැක්කේ එක පැත්තකට ඒ හුළග හමාගෙන යන් ආකාරයයි. ඒවෙලාවේ රජය විදියටත් විශාල අඩුපාඩුකම් ප්‍රමාණයක් සිද්ද වුණා. ඒ පරාජය එකපාරට වුණ දෙයක් නෙවෙයි. සමහර විසඳන්න පුළුවන් ප්‍රශ්න විසඳන්න උනන්දු නොවීම අපිට අවාසියක් වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජම්පර් අන්දන කතා, එතුමාගෙ ප්‍රජා අයිතිය අහෝසි කරන කතා විශාල ලෙස අපිට අවාසිදායක වුණා මැතිවරණයේදී. සමහරු දැන් කියනවා ඡන්දෙ දුන්නේ මහින්ද මහත්තයා අගමැති වෙනවා දකින්නලු. ඒකට මමත් කැමතියි, ඔබත් කැමතියි මෙහාට ගන්න පුළුවන් නම් මොකද කියලා. දැන් ඒක වෙන්නේ නැතිකොට දීපු අයත් කළකිරීමෙන්. දැන් බලන්න පුළුවන් අලුතින් පත්වුණ ප්‍රාදේශිය සභා කට්ටිය වැඩ කරන හැටි. අපිට දැන් තියෙන්නෙ නිහඩව ඉන්න තමයි. නමුත් අපිට් ගායක් තියෙනවා. නිකන් ඉන්නත් බෑ, වැඩ නොකර ඉන්නත් බෑ. අපිට් පුළුවන් දේ අපි කරනවා. ඒවගේම අපි බලාගෙන ඉන්නවා ඉදිරියේදී ඒ අය සංවර්ධන වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා.” මන්ත්‍රීවරයා සඳහන් කළා.

Mahinda Amaraweera