මහනුවරට පොලිස් ඇඳිරි නීතිය……!

0

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී තත්ත්වයක් පාලනය කිරීමට පොලිස් ඇදිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර නිවේදනය කළා.

ඒ අනුව හෙට (06) පෙරවරු 06 දක්වා එම ඇදිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් එය මැඩපැත්වීම සඳහා අද(05) දහවල් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණි.එසේම කලහාකාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.