විවාදය අවසන් වෙද්දී කැප්පෙටිපොළලා බිහිවේවි…

0

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අද(06) දිනයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන්ම් යොදන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එහි නායක උදය ගම්මන්පිල ඊයේ(05) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.

“අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව දැන් සම්පූර්ණයෙන් සකසා අවසන්. මුලදී චෝදනා 16ක් තිබුණා. නමුත් අපි ඒක චෝදනා 14 තෙක් අඩු කළේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කිසිම අපහසුතාවකින් තොරව අත්සන් කරන්න අවශ්‍ය වාතාවරණය නිර්මාණය කරන්නයි. මහ බැංකු වංචාවත් පහුගිය වසර 3 තුළ බරපතළ ලෙස ඇති වූ ආර්ථික කඩා වැටීමත් තමයි කේන්ද්‍රීය කාරණා විදියට තියෙන්නේ. මේකට ශ්‍රීලංකා නිදහස් පක්ෂය,එක්සත් ජාතික පක්ෂය,ඒකාබද්ධ විපක්ෂය කියන පාර්ශව 3ම එකඟතාව පළ කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ජාතික සන්ධානයත් රට ගැන හිතලා සහයෝගය දෙයි කියල. මුලින් බලාපොරොත්තු වුණේ පාර්ශ්ව තුනේම් අත්සන් එකතු කරලා භාර දෙන්න.නමුත් මේ වෙද්දි ශ්‍රීලංකා නිදහස් පක්ෂය පැත්තෙනුත්,එක්සත් ජාතික පක්ෂයත් ප්‍රකාශ කරනවා, අගමැතිවරයාට පෙර සිදු කළා සේ මෙය පාර්ලිමේන්තුව තුළ විවාද කිරීමට යම් කාලයක් අරගෙන ඒ කාලය තුළ අත්සන් කළ මන්ත්‍රීවරුන්ට යම් බලපෑමක් කිරීමේ අවදානමක් තිබෙන නිසා අපි තීන්දු කළා ඒකාබද්ධ විපක්ෂයේ සහ අප සමග එක්වන වෙනත් පක්ෂවල න්ත්‍රීවරුන්ගේ සහය අරගෙන අත්සන් තබා භාර දෙනවා. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේත් ,එක්සත් ජාතික පක්ෂයේත් මන්ත්‍රීවරු විවාදයෙන් පසුව විශ්වාසභංග යෝජනාවට් ඡන්දය දීමේදී එකතු කරගන්නට බලාපොරොත්තු වෙනවා. ”

ඔබතුමාලගේ විශ්වාසභංග යෝජනාවට ජනාධිපතිවරයාත් සහය දීලාද තියෙන්නේ?

“මම් එහෙම එකක් ඉව්වෙ නෑනේ. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ශ්‍රීලංකා නිදහස් පක්ෂය පැත්තෙනුත්,එක්සත් ජාතික පක්ෂයේත් මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවක් මේකට අත්සන් තබනව.”

ශ්‍රී.ල.නි.ප. සභාපතිවරයාගේ අනුදැනුමකින් තොරවද එම පක්ෂයේ මන්ත්‍රීවරු විශ්වාසභංගයට අත්සන් කරන්නේ?

“ඒක එදාට බලාගන්න. විශ්වාසභංගය විවාද කරද්දි ඇමති කෙනෙක්ට හිතුනොත් මේ කියන කතා ඇත්තනේ, මං ඉන්නේ වැරදි පිළේනේ. අර කැප්පෙටිපොළ බූටෑවේ රාළ කියපු දේ අහන් හිටියම කැප්පෙටිපොළ වහාම පිළ මාරු කළා. විවාදය අවසන් වෙද්දී කැප්පෙටිපොළලා බිහිවෙමින් ජාතියේ නිදහස් අරගලයට ආණ්ඩු පාර්ශ්වයෙන් එක් වෙන්න ඉඩ තියෙනවා.ඒ අයව කවුදැයි බූටෑවේ රාළ කලෛන් ඉංග්‍රීසීන්ට ප්‍රකාශ කරලා තිබුණා නම් නිදහස් අරගලය පටන් ගන්න වෙන්නේ නෑ. අන්න් ඒවගේ තමයි.”

අගමැතිට එරෙහි විශ්වාසභංගයේ චෝදනා 14 ක්

අගමැතිතුමන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව දැන් සම්පුර්ණයෙන්ම සකසා අවසන්. ඇතමුන් ප්රශ්න කරනවා මේ විශ්වාසභංගය ගෙන එන්නේ අගමැතිතුමන්ට එරෙහිවද නැතිනම් ආණ්ඩුවට එරෙහිවද කියලා. අගමැතිතුමන්ට එරෙහිව ගෙන ඒමේදී අනිවාර්යයෙන්ම එය ආණ්ඩුවට එරෙහිවද ගෙන ආ විශ්වාසභංගයක් වෙනවා. මන්ද අගමැතිතනතුර පුරප්පාඩු වෙනව කියන්නේ අමාත්ය මණ්ඩලයද විසිරී ගිහිල්ලා නව අගමැතිවරයෙක් සමග නව ඇමති මණ්ඩලයක් පත්කරන්න සිදුවෙනවා.

චෝදනා 14 කින් මෙම විශ්වාශභංගයට සමන්විතයි. මෙම විශ්වාසභංගයට සහය දෙන ඒකාබද්ධ විපක්ෂය ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත්ජාතික පක්ෂය යන පාර්ශව තුනේම ප්රධානීන් එයට එකගතාවය පලකර තියෙනවා. අපි විශ්වාසකරන එහි අඩංගු කරුණු අනුව ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සංධානය රටේ පැත්තෙන් හිතලා ඉදිරිපත්කරන මේ විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබාදේවි කියලා.

අපි මුලින්ම බලාපොරොත්තු උනා තුන් පාර්ශවයෙන් අත්සන් එකතුකරලා මේ විශ්වාසභංගය භාරදෙන්නයි. නමුත් මේ වන විට ශ්රි ලංකා නිදහස් පක්ෂය පාර්ශවයෙන් සහ එක්සත් ජාතික පක්ෂ පාර්ශවයෙන් ප්රකාශ කෙරෙනවා ඒ අය මේ අවස්ථාවේ මෙයට අත්සන් තබලා තමන්ව හෙළි කිරීම හරහා අගමැතිතුමා වෙනත් විශ්වාස භංග වලදී කටයුතු කල ආකාරයට මෙය පාර්ලිමේන්තුවේ විවාද කිරීමට යම් කාලයක් ලබාගෙන ඒ කාලය තුලදී අත්සන් කල මන්ත්රීවරුන්ට යම් බලපෑමක් කිරීමේ අවදානමක් තිබෙන බවට

ඒ නිසා අපි ඊයේ තීරනය කලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රිවරුන් සහ විපක්ෂයේ අපත් එක්ක වෙනත් දේශපාලන පක්ෂ මන්ත්රීවරුන් එක් වෙනවා නම් ඔවුන්ගේ ද අත්සන් ලබාගෙන විශ්වාසභංග යෝජනාව භාර දීමට. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරුන් විශ්වාසභංග යෝජනාව විවාද කර අවසානයේ ඡන්දය විමසීමේදී මේ සදහා එකතුකර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ ඔවුන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ට එරෙහිව අනිසි බලපෑම් එල්ල වීම වලක්වා ගැනීම සඳහායි.