රාජිත ජාතිවාදය පතුරුවනවා…..වහාම කැබිනට් ප්‍රකාශකධූරයෙන් ඉවත් කළ යුතුයි!

0

පසුගිය බදාදා කැබිනට් රැස්වීමේදි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසු ‘මහනුවර සිදුවීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ මහනුවර නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙපලක් හා පළාත් පාලන ආයතන නියෝජිතයන් දෙදෙනකු සම්බන්ධය’ යන ප්‍රකාශය ඊයේ (08) පාර්ලිමේන්තුවේදි උණුසුම් වාතාවරණයික් නිර්මාණය කළා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසා සිටියේ මෙවන් ප්‍රකාශයන් හරහා මහනුවර සිදුවීම පිටුපස දේශපාලන බලවේගයක් ඇති බව සැලකීමට සාමාන්‍ය ජනතාව පෙළඹෙන බවයි. එසේම රටේ ජාතික මාධ්‍ය පවා අමාත්‍යවරයගේ ප්‍රකාශය පදනම් කොට ගෙන පුවත් නිර්මාණය කර ඇති අවස්ථාවක සැබැවින්ම මහනුවර සිදුවීම පිටුපස සිටින බවට අමාත්‍යවරයා ප්‍රකාශ කළ මන්ත්‍රිවරුන්ගේ නම් පාර්ලිමේන්තුවට හෙලි කරන ලෙස දිසානායක මන්ත්‍රිවරයා කතානායකවරයාගෙන් ඉල්ලාසිටියා.

අනතුරුව අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පවසා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය රටේ පවතින ගැටුම්කාරී වාතාවරණය සමනය කිරීමට සම්පූර්ණ සහයෝගය ලබා දී ඇති අවස්ථාවක දි එවන් ප්‍රකාශ හරහා තවත් ජාතිවාදය ඇවිස්සෙන බව යි.

රටේ මෙවන් වතාවරණයක් ඇති වී තිබෙන මොහොතක මන්ත්‍රිවරුන් සිරගත කිරීම කළ යුතු දැයි මන්ත්‍රිවරයා මෙහිදි විමසා සිටියා.

එයට අදහස් දක්වමින් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරයා පවසා සිටියේ විපක්ෂයට ඇගිල්ල දික් නොකර ආණ්ඩුව පවතින තත්ත්වය ඉක්මණින් විසදීමට කටයුතු කළ යුතු බවයි.

“මෙවන් ප්‍රකාශ කරන රාජිත සේනාරත්න කැබිනට් ප්‍රකාශකධූරයෙන් ඉවත් කළ යුතුයි” මන්ත්‍රිවරයා පවසා සිටියා.