උපාධි ණය ඉල්ලුම් කිරීමේ අවස්ථාව සතියකින් කල් යයි

0

රාජ්‍ය විශ්ව විද්‍යාලවලට උපාධිය ලබා ගැනීම සඳහා අතුළත් ‍වීමට නොහැකි වූ 2016 වසරේ උසස් පෙළ ඉහළ සුදුසුකම් ලැබූ සිසු – සිසුවියනට පෞද්ගලික අංශයෙන් උපාධිය ලබා ගැනීම  සදහා රජයෙන් ලබා දෙන පොලී රහිත ණය ලබා ගැනීම සදහා ඉල්ලුම් කිරීමට ඇති කාලය, උසස් අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍ය කබීර් හෂීම් ගේ ඉල්ලීම අනුව සතියකින් කල් දැමු බව එම අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී.දිසානායක සඳහන් කරනවා.

ඒ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම්වරයා පවසා සිටියේ අදාළ ණය ඉල්ලුම් කිරීමේ කාලය මාර්තු 20 දක්වා කල් දැමූ බවයි.

එසේම එම ණය මුදල ලක්ෂ අටක් දක්වා ලබා දෙන බවත්,සියලු තොරතුරු උසස් අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවියේ ශිෂ්‍ය ණය පිටුවෙන් ලබා ගත හැකි බවත් පෙන්වා දුන් ලේකම්වරයා,මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන මෙන් සිසු දරු – දැරියන්ගෙන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ගෙද ඉල්ලා සිටියා.