දේශපාලනය, තුවක්කුව ඉදිරියේ ඇකිලෙන, වඳ පෙත්ත, පල්ලිය ඉදිරියේ පිම්බෙන ජාතියේ ජාතිවාදය…..

0

තලංගම ප්‍රදේශයේ දි පෞද්ගලික බස් රථ රියැදුරෙකුට පිස්තෝලයකින් පහර දීම සම්බන්ධයෙන් දකුණු පළාත් සභා මන්ත්‍රි එම් කේ කසුන් හා ඔහුගේ බිරිය තලංගම පොලිසිය විසින් ඊයේ (09) අත්තඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැබ් රථයක යමින් සිටි මෙම කාන්තාව සහ මන්ත්‍රීවරයා, පෞද්ගලික බස් රියදුරා සමග ඇතිවු බහින්බස් වීමකින් පසු මෙලෙස පහරදී ඇති බවයි.

තාරුණ්‍යට හෙටක් සංවිධානය නියෝජනය කරමින් දේශපාලනයට පැමිණි කසුන් බෙලිඅත්ත ප්‍රදේශයේ චන්ඩි මල්ලි ලෙස හදුන්වනු ලැබූ වෙඩි තබා ඝාතනය කරන ලද හිටපු පළාත් සභා මන්ත්‍රිගේ ප්‍රත්‍රයා වේ.

අත්තඩංගුවට ගන්නා අවස්ථාවේ මන්ත්‍රීවරයාගේ බිරිය භාරයේ පිස්තෝලයක් හා ජීවා උණ්ඩ 5 තිබු බව පොලිසිය සඳහන් කරනවා.

තම වාහනයට ඉස්සර කිරීමට ඉඩ නොදුන්නායැයි පවසමින් පිස්තෝලය පෙන්වා ‘කුඩු වෙන්න තියනවා යනුවෙන් තර්ජනය කොට’ පහර දීමට තරම් නීතිය අතට ගත්තේ කාගේ හයියකින් දැයි විමසිය යුතුය. කෙසේවෙතත් මෙම මන්ත්‍රීවරයා නියෝජනය කරන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ බවයි වාර්තා වන්නේ.

තලංගම වැනි ප්‍රදේශයකදි මහ දවල් පිස්තෝලයික් පෙන්වා හයිරම් පාට් දාන මෙම නරුම දේශපාලකයින් බලය තිබියදි කෙසේ හැසිරෙන්නේ ද යන්න හිතා ගත හැකිය. එසේම තම වාහනයට යාමට ඉඩ ලබා නොදීම ගැන පිස්තෝලයෙන් කුඩු වෙන්න තැබීමට හැකි නම් බෙලිඅත්තේ මිනිසුන් මෙම වාහනයට පාරේ යාමට කානුවට බැසිය යුතු බවට තර්ජනය කර ඇත්දැයි සොයා බැලිය යුතුමය.

එහෙනම් හම්බන්තොට දිස්ත්‍රික්කය හොදින් නැත්නම් නරකින් පාලනය කිරීමට නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් විසින් ඇති කරනු ලබන දඩ බල්ලන් ලෙස ක්‍රියාවේ යොදවන පිරිසෙන් මෙම මන්ත්‍රිවරයාත් එක අයෙකි. පළාත් සභා මන්ත්‍රිවරයෙකුට ගිනි අවියක් භාවිත කිරීමට නීතිමය බලයක් නැත. එසේනම් මෙම ගිනි අවිය ඔහුට ලැබුනේ කෙසේ ද? නැත්නම් එය ඔහුගේ බිරිඳගේ වන්නට ඇත. මන්ත්‍රිවරයෙකුගේ බිරියක වන ඇයට අන් කාන්තාවන්ට නොලැබෙන ගිනි අවියක් ලැබි ඇත්තේ කාගේ ආශිර්වාදය පිටද?

දණ්ඩ නීති සංග්‍රහයේ 310, 315 වගන්තින් අනුව පුද්ගලයෙකුට පහර දීමට, ගිනි අවියකින් පහර දීමට හෝ තර්ජනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. එසේනම් නිතිය මෙම මැර මන්ත්‍රිට හා ඔහුගේ බිරියට නීතිය ක්‍රියාත්මක වන ආකාරය දෙස බලා සිටිය යුතුය.

කෙසේවෙතත් අදාළ කාන්තාව හා එම මන්ත්‍රීවරයා එම බස් රථ රියැදුරාට පහර දෙන ආකාරය යම් පුද්ගලයෙකු විසින් සිය ජංගම දුරකතනයෙන් පටිගත කොට ඇත.

පාරේ යනකොට පැති කණ්නාඩිය කැඩූ නිසා තරුණයෙක්ට පහර දීම සම්බන්ධයෙන් මහනුවර දිගන සිද්ධිය ඇවිලි ගොස් ජාතිවාදී කලබලයක් බවට පත් වී ඇති මොහොතක මෙලෙස නීතිය අතට ගෙන ජනතා නියෝජිතයකු හා ඔහුගේ බිරිය  මහ පාරේ පුද්ගලයෙකුට පහර දෙන විට එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හෝ වැළැක්වීමට වත් කොන්ද පණ ඇති එකදු පිරිමියෙක් හෝ ගැහැණියක එම ස්ථානයේ නොසිටීම ලැජ්ජා වියයිඋට්  කරුණකි.

අප නැති කළ යුත්තේ තවත් ආගමක් හෝ ජාතියක් නොවේ මෙලෙස ජනතා ඡන්දයෙන් තේරි පත් වී හොරකම් කළ හැකි පොඩිම තැනේ සිට ජනතා මුදල් කොල්ලකම්න් ජනතා බදු මුදලින් සුරසැප විදින මෙවන් තුච්ඡ, අධම, මුග්ද දේශපාලකයින්ය.

එම විඩීයෝව පහතින්,