නාවලපිටිය ස්ථානාධිපති නිසා එජාප මන්ත්‍රී පාරට වැටේ

0

නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ආනන්ද රාජපක්‍ෂ මහතාව වහාම ස්ථාන මාරුවිමි සිදුකරන ලෙස බලකරමින් මහනුවර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ නාවලපිටිය පොලිසිය ඉදිරිපිට නාවලපිටිය මහනුවර ප‍්‍රධාන මාර්ගයේ සුදු ඉර මත වාඩිවි විරෝධතාවයක් ආරමිභ කර තිබේ.

අද (10.03) අලූයම 5.00 ට පමණ නාවලපිටිය නගරයට පැමිණි ආනන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා ප‍්‍රධාන මාර්ගයේ සුදු ඉරමත පැය දෙකක පමණ කාලයක් නිදා ගනිමින් මෙම විරෝධතාවය ආරමිභ කළ අතර එම විරෝධතාවය හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරිමට නාවලපිටිය පොලිසිය කටයුතු කර ඇත.

විරෝධතාවය දක්වන ආනන්ද අලූත්ගමගේ මහතා වෙත පැමිණී ගමිපල සහකාර පොලිස් අධීකාරිවරයා සහ ගමිපල කොටිඨාශ භාර පොලිස් අධීකාරිවරයා මන්ත්‍රීවරයා සමග සාකචිජා පැවැත්වුවද ආනන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා කියා සිටින්නේ මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් වෙත පැමිණ මෙයට විසදුමක් ලබා දෙන තෙක් තමන් මෙම විරෝධතාවය අත් නොහරින බවයි.

නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා නිසි ලෙස රාජකාරි ඉටු නොකරන බවට ආනන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා චෝදනා කරනවා.

රංජිත් රාජපක්ශ – හැටන්