පොලිසිය, STF බලාගෙන ඉන්දැද්දි නුවර ගිනි ගත්තා…..හමුදාව එනකොට වැඩේ ඉවරයි

0

යුධ හමුදාපති වශයෙන් පොලිසියට චෝදනා නොකරන නමුත් හමුදාඑඅ උවරට පැමිණෙන විට ගිනි අරන් අවසන් බවත් හමුදාපති ලුතිනින් ජෙනරල් මහේෂ් සේනානායක පවසා සිටියා.

යුධහමුදාපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (09) මහනුවර දිගන හා තෙල්දෙණිය ප්‍රදේශ වල සංචාරයක් නිරත වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“මම පොලිසියට දොස් කියන්නේ නෑ. ඒත් හමුදාව එනකොට ගිනි අරන් ඉවරයි. මෙතනදි මම කෙලින්ම ඇඟිල්ල දික් කරනවා විශේෂයෙන්ම පොලිසියට හා එස්. ටී. එෆ්. එකට සහ කියනවා එයාලා බලාගෙන ඉන්දැද්දි කළේ මේවා. එතකොට මම කණගාටු වෙනවා එහෙම අවාසනාවන්ත සිදුවීමක් රටේ වුණාට.  ජනාධිපතිතුමා ඊයේ මාව දැනුවත් කළා අලාභහානි වෙච්ච ගොඩනැගිලි වලට හා පූජනීය ස්ථාන වලට ජනාධිපතිතුමාගේ අරමුදලෙන් සල්ලි දෙන්නම් හමුදාව දාලා මේක සකක් කරන්න කියලා. නමුත් මම අද උදේ කල්පනා කළා තනියම හමුදාව දාලා කළාම බිල්ඩිම හැදෙනවා නමුත් හිත හැදෙන්නේ නෑ.”

“සාමය නැවත ස්ථාපිත කිරීමේ වගකීම ආරක්ෂක හමුදාවන් සහ පොලීසිය පමණක් නොවේ එය ඔබ සියළුදෙනාගේ වගකීමයි. ගැටුම්කාරි තත්ත්වය යථා තත්ත්වයට පත්වන තෙක් ඔබ සියළුදෙනාගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම අපගේ වගකීමයි. ඔබගේ ප්‍රදේශයන්හි ව්‍යාපාරික ස්ථාන සියල්ලේම ආරක්ෂාව සහතික කරමින් සාමය පවත්වාගෙන යාම සඳහා අපි ශක්තිමත්.  අවශ්‍ය නම් ඔබේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මම පියවර ගන්නවා. අනාගතයේදී මෙවැනි තත්ත්වයන් වැලක්වීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම අතිශයෙන් වැදගත්. රටේ ආරක්ෂාව ගැන සැලකිලිමත්ව යුද්ධ හමුදාව සෑමවිටම කැපිපෙනන කාර්යභාරයක් ඉටු කිරීමට සුදානමින් සිටිනවා.” හමුදාපතිවරයා මෙහිදි පවසා සිටියා.