ජාතිවාදයට ෆිසිකල් පවර් එක දෙන්නේ රාජපක්ෂ නඩත්තු කරන අන්ත ජාතිවාදි සෙට් එකයි….!

0

එල්ටීටීඊ සංවිධානය අවුරුදු ගණනාවකදි රටට කළ විනාශය පසුගිය සතිය තුළ දි මහනුවර ඇති වූ ජාතිවාදී කලබලය  හේතුවෙන් රටට ඇති වූ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බුමල් රත්නායක පවසා සිටිනවා.

ඊයේ (09) පාර්ලිමේන්තුවේදි රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“ලංකාවට එල්ටීටීඊ සංවිධානය අවුරුදු ගණනාවකදි කළ හානියම මේ සතියේදි එම ජාතිවාදී තත්ත්වයන් නිසා ඇති වෙනවා. 2009 පස්සේ පාලකයන්ට වෙන මුකුත් මාතෘකා නැති වුණා. 2010 ජනාධිපතිවරණය ඉවර වෙලා හැමදේම wවුණාට පස්සේ ඒ හලාල් ප්‍රශ්නය ඇති වුණේ නිකම් නෙමෙයි. බෞද්ධ අන්තවාදි සංවිධාන අපි දන්න තරමින් දේශපාලන නායකත්වයක් ඇතුව හැදුවා. ඒකට හවුල් වන මුස්ලිම් අන්තවාදයකුත් තියනවා. ලංකාවේ අඩු වයසෙන් දරුවන් විවාහ කරන එකට විරුද්ධ එක මුස්ලිම් නායකයෙක් අපිට පේන්නේ නෑ. අපිට දුක හිතෙනවා සමහර මුස්ලිම් දැරිවියෝ එනවා මූණ වහගෙන පාර්ලිමේන්තුව බලන්න. අපි පාර්ලිමේන්තුවේ ඉන්න මුස්ලිම් මන්ත්‍රිවරුන්ගෙන් අහලා තියනවා ඇයි මේකට කතා කරන්නේ නැත්තේ කියලා.”

“රාජපක්ෂ මහත්තයාට ජන වරමක් ලැබුණා මේ පළාත් පාලන මැතිවරණයේදි. රාජපක්ෂ මහත්තයාව දැනුවත්ව නඩත්තු කරන අන්ත ජාතිවාදී, අන්ත ආගම්වාදි, අන්ත යුධවාදි කට්ටිඅයිගෙන් තමයි ජාතිවාදයට ෆිසිකල් පවර් එක ආවේ. පන්සල ඩෝසර් කරපු වෙලාවේ මඩකලපුවේ ඒකට කිසිම හාවක් හූවක් කරපු නැති මේ සිංහල ජාතිවාදි සෙට් එක යැයි කියා ගන්නා උදවිය ඇයි මේ වඳ පෙත්තට මරාගෙන මැරෙන්නේ. අපි මේ පාර්ලිමේන්තුවේ ඔප්පු කරලා තියනවා UPFA Brighter Future කියන ෆේස්බුක් පේජ් එකෙන් තම්ල්නාඩුවේ කරපු කොටි සංවිධානයේ පෙලපාලි යපනයේ කරලා තියනවා කියලා පෙන්නලා තියෙද්දි හැබැයි මේ රටේ ඉන්න නීතිය හා සාමය ඇමතිවරයාට, රටේ ජනාධිපතිවරයාට, රටේ අගමැතිවරයාට කිසිම හැගීමක් වගකීමක් නෑ මේකට එරෙහිව පියවර ගන්න.” මන්ත්‍රිවරයා පවසා සිටියා.