ඩයස්පෝරාවට ඉත්තෝ අදින්න කැබිනට් එක දාම් ලෑල්ල දෙනවාද…..? – ගොං වැඩ කරන්න එපා

0

මෙරට සම්පත් සම්පූර්ණයෙන්ම අයත් කර ගැනීමේ ඩයස්පෝරා අවශ්‍යතාවය සඳහා කැබ්නට් මණ්ඩලය පිඹුරුපත් සකසමින් සිටින බවට උත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් චෝදනා කරනවා.

කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.

“තිස් වසරක යුද්ධය තිබුණු කාලේ, ඒකේ දෙවන ප්‍රතිඵලය එමින් පවතිනවා. ඒක තමයි ඩයස්පෝරාවට වුවමනා වෙලා තියෙනවා මේ රටේ සියළු සම්පත් සම්පූර්ණයෙන් අත්පත් කර ගන්න. ඒ සඳහා ඔවුන්ගේ ඉත්තෝ පාවිච්චි කරනවා. අපි දන්නවා මාධ්‍ය ආයතනයක් වෙන්දේසි දාලා තියෙනවා. මේකට වැඩිම ලංසුවක් තියපු ලංකාවේ ව්‍යාපාරිකයාට නොදී එක්තරා විදේශ සමාගමකට පැවරීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. විදේශීය සමාගමකට ලංකාවේ කොටස් මිළ දී ගත හැක්කේ 40%ක් පමණයි. නමුත් කැබිනට් පත්‍රිකාවක් යොදලා ඒක වෙනස් කරලා ඒක ඔවුන්ට දෙන්න වැඩ කටයුතු කරමින් ඉන්නව. අපි කියනවා කරුණාකරලා මේවගේ ගොන් වැඩ කරන්නෙපා. වැඩිම් ලංසුව තියලා තියෙන ලංකාවේ ව්‍යාපාරිකයාට නොදී මේ විදේශිකයාට දෙන්න අර අදිමින් ඉන්නවා. ගරු ජනාධිපතිතුමාට කියනවා මේ පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් වගේම දැවැන්ත මුදල් ගනුදෙනුවක් සිදුවෙනවා. ඔබතුමා මේ ගැන හොයලා බලලා සාධාරණයක් ඉෂ්ඨ කරන්න කියලා කියනවා.” උන්වහන්සේ පවසා සිටියා.