දේශපාලන මතිමතාන්තර වෙනුවෙන් ලංකාවේ මානවහිමිකම් යොදා ගන්න එපා…..සිවිල් සංවිධාන ජිනීවා මානවහිමිකම් කවුන්සිලයෙන් ඉල්ලයි…..!

0

එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවින්සිලය මේ දිනවදි ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරද් පැවැත්වෙනු ලබනවා. පසුගියදා එම කවුන්සිලයේ දි සිවිල් සංවිධාන වලට හා රාජ්‍ය නොවන සංවිධාන වලට තම රටවල් වල තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාව ලබා දෙණු ලැබීය.

එහිදි ශ්‍රි ලංකාව පක්ෂව මෙන්ම විපක්ෂවද අදහස් ඉදිරිපත් විය.

ආනන්දි ලීලාදේවි – පසුමෙයි න්‍යායගම් පදනම

“යුද්ධය අවස්න් වී අවුරුදු 09 ක් ගතව තිබුණද, අප විරෝධතාවේ යෙදි අවුරුද්දක් ගතව තිබුණද ලංකා රජය තවමත් අතුරුදහන් වූවන් පිළිබඳව පිළිතුරක් දීමට හෝ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට හෝ අසමත් වී තිබෙනවා. අපි මහා මාර්ගයේ ඉදගෙන විරෝධතාවයේ නිරත වෙනවා එක් අරමුණක් වෙනුවෙන් ඒ තමයි අතුරුදහන් වූවන් වෙනුවෙන් සත්‍ය හා යුක්තිය ඉල්ලා සිටීම. අපි ඔබෙන් හා කවුන්සිලයේ සමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා අපගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දී රහසිගත කඳවුරු වල රඳවා සිටින පිරිසගේ ලැයිස්තුවක් නිකුත් කිරීමටත්, අනෙකුත් රදවා තබාගෙන සිටින පුද්ගලයන්ගේ ලැයිස්තුවක් නිකුත් කිරීමටත් ලංකා රජයට බල කර සිටින ලෙස. වර්තමාන ජනාධිපතිවරයා 2017 ජූනි මාසයේ මේ සඳහා එකඟතාව පළ කළත් එය සම්පූර්ණ කිරීමට සමත් වූයේ නෑ. කරුණාකර අපිට අපගේ ලමයින් සොයා ගැනීමට උදව් කරන්න.”

රොෂාන් වීරපුර – සම සභාපති ශ්‍රී ලංකා ගෝලිය සංසදය, ස්විට්සර්ලන්තය

“ලංකාවේ හමුදාව එල්ටීටීඊ ත්‍රස්තවාදීන් පරාජය කොට සියළු ජනතාවගේ මානවහිමිකම් ආරක්ෂා කළා.  ත්‍රස්තවාදීන් නැති කළේ සිංහල ජනතාවගේ මානවහිමිකම් පමණක් නොවේ. ඔවුන් මුස්ලිම් හා දෙමළ ජනතාවගේත් මානවහිමිකම් කඩ කළා. යුද්ධයෙන් පසුව රජය විසින් අභ්‍යන්තර අවතැන්වූවන් නැවත් පදිංචි කළා. බිම්බෝම්බ ඉවත් කළා. උතුර නැගෙනහිර සංවර්ධනය කළා. 7% ක් ව පැවති උතුරේ සංවර්ධන වේගය 22% දක්වා ඉහළ දමනු ලැබුවා. තිස් වසරකට පසුව උතුරේ පළාත් පාලන මැතිවරණය පවත්වනු ලැබූවා. එලෙසයි අපි උතුරේ ජනතාවගේ මානුෂිය, ආර්ථික, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කළේ.”

“නමුත් දැන් ඔබ අපිට කර ඇත්තේ කුමක්ද? ඔබ යෝජනාවක් සම්මත කරනවා අපි යුධ අපරාධ හා සමූල ඝාතනයන් කළා කියලා. ඔබ එය කළේ කිසිදු විවාදයකින් හෝ ඡන්ද විමසීමකින් තොරව. අපගේ හමුදාව ත්‍රස්තවාදීන් පරාජය කොට දෙමළ ජනතාව ගලවා ගනු ලැබුවේ ඔවුන්ව මිනිස් පලිහක් ලෙස තබා ගෙන සිටින විටදියි. මෙය තමයි ලෝකයේ විශාල මිනිසුන් ගලවා ගැනීමේ සටන. අපි කවුන්සිලයෙන් ඉල්ලා සිටිනවා පරස්පර විරෝධි බොරු චෝදනා සහිත OISC වාර්තාව පිළිබඳව විග්‍රහයක් කරන්න කියලා. එමෙන්ම ලංකාව වැනි රටවල් ඉලක්ක කරගෙන ඔවුන්ගේ මතිමාතාන්තර ඉටුකර ගැනීමට මානවහිමිකම් ආරක්ෂා කිරීම  යන අවිය ලංකාව වැනි ඉලක්ක ගත රටවල් වෙනුවෙන් ක්‍රියාත්මක නොකරන ලෙස.”