උදේ මුස්ලිම් කඩ වලට සුදු කොඩි දාන්න කියලා රෑ ගිනි තිබ්බා… බස් වලින්, ඩබල්කැබ් වලින් පිටින් සෙනඟ ගෙනල්ලා ගැහුවා…. දැන් වෙස්මූණු ගැලවිලා ඉවරයි!

0

පවතින ආණ්ඩුව පෙරලීම සඳහා ආණ්ඩුවට එරෙහිව වෙබ් අඩවි 80ක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

මග්ගොන ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“මේ කලබල ගැන එක්කෝ මම කියන්නේ වහාම කොමිසමක් දාන්න ඕන නැත්නම් මේ වගේ වැඩ කරන කට්ටියට එරෙහිව දිනපතා නඩු දාලා මේවා කරන කට්ටියට දැඩි දඩුවම් දෙන්න ඕන. එතක්ම් රිමාන්ඩ් බාරයේ තියන්න ඕන. අපි දන්නවා දිගනට ගැහුවේ කවුද කියලා. ඒකට ගැහුවේ එක්තරා දේශපාලන පක්ෂයක්. ඒකේ දිස්ත්‍රික් සංවිධායකවරයා. ඒකේ ඊයේ පෙරේදා පත් වුණ මන්ත්‍රිවරු දෙදෙනෙක්, එතකොට පත් වුණ තව මන්ත්‍රි හාමුදුරු කෙනෙකුයි. ඒ පක්ෂයට උදව් කරන තව හාමුදුරු කෙනෙකුයි. තෙල් දෙණියට ගැහුවේ ඒත් ඒ වගේ. ඒකේ ඉන්නවා පළාත් සභා මන්ත්‍රි කෙනෙක් ඒ පක්ෂයේ. ඩබල් කැබ් අරගෙන ගිහිල්ලා ඒවායේ තමයි තරුණයින්ව ප්‍රවාහනය කළේ. එතකොට මැණික් හින්න ගැහුවේ, ඒත් ඒ පක්ෂේ කට්ටිය. ඒ ප්‍රදේශයේ මුස්ලිම් වෙළඳ සැල් වලට කියලා තිබුණා සුදු කොඩි දාන්න කියලා. ඒ සුදු කොඩි දැම්මාට පස්සේ හවස්වරුවේ ගෙනල්ලා පෙන්නලා තිබුණා ඒ සිදු කොඩි දාපු කඩවල් ටික ගිනි තියන්න කියලා. ඒ විදියට තමයි ඒවා හදුනාගෙන ගිනි තිබ්බේ පිටින් ආව කට්ටිය.”

“බස් වලින් ගෙනාවා සෙනග පිට පළාත් වලින්. මේ වගේ සංවිධානාත්මකව තමයි මේක කළේ. මේ පළාතටත් ගේන්න හැදුවා. මම වහාම හමුදාව යෙදෙව්වා මෙහාට. දැන් ඊයේ හම්බවුණා පෙට්‍රල් බෝම්බ 11ක්. බේරුවල තවත් බෝම්බයක් හම්බවුණා. මේ විදියට මෙහෙත් ඒ ගින්න අවුලවන්න හැදුවේ. මේක රටපුරා ගෙනියන්න හිටියේ. ඒ විතරක් නෙමෙයි සමාජ වෙබ් අඩවි ඇතුළුව මේවා ප්‍රචාරය කරපු ඒවායේ කතා කරපු සියළු කට්ටියව මේ දවස්වල අපි අත්තඩංගුවට ගනිමින් ඉන්නවා. ඒ අත්තඩංගුවට අරගෙන මේ අයගෙන් ප්‍රශ්න කරනවා මේවාට මුදල් යොදවන්නේ කවුරුද? මේවා පිටිපස්සේ ඉන්නේ කවුද? අපි දන්නවා එක්තරා තැනකින් සමාජ වෙබ් අඩවි 80ක් ක්‍රියාත්මක වෙනවා. මේ ආණ්ඩුවට එරෙහිව. මේ  ආණ්ඩුව කොහොමහරි ඉක්මණට පෙරලගන්න, මොකද තමන්ගේ නඩු ටික ඉවර වෙන්න ඉස්සල්ලා. ඒනිසා මේ සියළු දේවල් වලට මුහුණ දෙමින් අපි ඉදිරියේදි දැඩි ක්‍රියාමාර්ග ගනිමින් මේ රටේ අපි බලාපොරොත්තු වන ජාතික සමගිය ගොඩ නගමින් මේ සියළුම දේවල් වලට අපි වන්දි ගෙවනවා.” අමාත්‍යවරයා පවසා සිටියා.

Rajitha Senaratne