ප්‍රචණ්ඩත්වය පතුරුවන්නේ වෛරී මිනිස්සුයි…..සමාජ මාධ්‍ය ජාල නොවේ…..!

0

සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට ආණ්ඩුව විසින් ගෙන ඇති පියවර අමෙරිකා එක්සත් ජනපදයේ විවේචනයට ලක්ව තිබෙනවා.

ඒ පිළිබඳව ටිවිටර් පණිවිඩයක් සටහන් කරමින් ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය ජාල යනු මානව සම්බන්ධතා වෙනුවෙන් යොදා ගනු ලබන “අවිධිමත්” සහ “වෙනස් වෙමින් පවතින” මෙවලමක් වන නමුත්, ප්‍රචණ්ඩත්වය සහ නොඉවසීම පැතිරවීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඒ සඳහා සමාජ ජාල යොදාගන්නා “වෛරයෙන් පිරුණු පුද්ගලයන්” විනා සමාජ මාධ්‍ය ජාල නොවන බවයි.

මේ අතර සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන දිනයක් පිළිබඳව ආණ්ඩුව මෙතෙක් තීරණයකට එළැඹ නොමැති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය වී ඇති බව බී බී සි සිංහල පුවත් සේවය සඳහන්කරනවා.